ජාතික ස්ක්‍රැබල් ශූරයා ඉමෙත් ද සිල්වා

78

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී මෑතක අවසන් වූ ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද වර්ෂ 2023 ශ්‍රී ලංකා ජාතික ස්ක්‍රැබල් ශූරතාවලියේදී ඉමෙත් ද සිල්වා ජයග්‍රහණය කළේය. ඉමෙත් සිය සමීපතම තරගකරුට වඩා කැපී පෙනෙන තරග තුනක පෙරමුණක් ස්ථාපිත කරමින් ක්‍රීඩා වට 19න් 17 කදී ජයග්‍රහණය ලබා ගත්තේය. 2022 දී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ස්ක්‍රැබල් කණ්ඩායමේ නායකයා වූ ඉමෙත් වසරකට පසුව නැවත තම පාසලට පැමිණියේ ජාතික තරගාවලියේ ශුරතාවය ඉදිරියේ ඔහුගේ නම සනිටුහන් කිරීමටය. අධීෂ දිසානායක තරග වට 19න් 14 කදී ජයග්‍රහණය රැක ගනිමින් අනුශූරතාව දිනා ගත් අතර තුල්නිත් ද සිල්වා ජයග්‍රහණ 14ක් සමගින් දෙවැනි අනුශූරයා ලෙස නම් විය.

අවසන් තරගකරුවන් 20 දෙනකු ජාතික ස්ක්‍රැබල් ශූරතාවය සඳහා සියලුම තරගකරුවන් එකිනෙකා සමග තරග වදිමින් ඉතා උද්යෝගිමත් තරගකාරීත්වයකින් මේ සඳහා ඉදිරිපත් වූහ. අනෙක් තරගකරුවන් අතර මෑතකදී අවසන් වූ ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලියේ ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරයා, පළමු සහ දෙවන අනුශූරයන්, ශ්‍රී ලංකා වර්තමාන හා හිටපු කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ජාතික ස්ක්‍රැබල් ශූරයන් වූ අතර, ඔවුන් සියලු දෙනා දැඩි අවසන් පූර්ව තරග වටපිටාවක් සඳහා පරිසරයක් නිර්මාණය කළ නමුත් අවසානයේ ඉමෙත් ජයග්‍රහණය වාර්තා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment