බම්බලපිටිය වජිරාරාමයේ නිකිණි පිංකම් අද

167

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අද (30) බම්බලපිටිය වජිරාරාමයේ දී විශේෂ ආගමික පිංකම් මාලාවක් අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

එහිදී සිල් සමාදන් කරවීම හා අනුශාසනාව මහනාහිමිපාණෝ සිදුකරති. පෙ. ව. 8.00ට දම් දෙසුම රාජකීය පණ්ඩිත වේරදූවේ මහින්ද හිමියන් ද පෙ. ව. 10.00 ට දම් දෙසුම තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් ද පෙ. ව. 12.30 ට සතිපට්ඨාන සූත්‍ර දේශනාව කඹුරුගමුවේ මහානාග හිමිපාණන් ද ප. ව 1.15ට භාවනාව අනුශාසනාව පිටිපන සාසනරතන හිමිපාණන් ද ප. ව. 3.00ට දම් දෙසුම දිගන සුගතවංස හිමිපාණන් ද ප. ව. 4.00ට ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඥාන හිමිපාණන් ද ප. ව. 5.00 ට අටවිසි බුද්ධ පූජාව ද පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment