අයිස් ජාවාරම්කරු පොලිසියට අනී

131


ඇල්ල ගොටුවල ප්‍රදේශයේ පුදුගලයකු විසින් අද (30) අලු‍යම 1.00 පමණ ඇල්ල ගොටුවල ප්‍රදේශයේදී ඇල්ල පොලීසියේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට පිහියකින් ඇණීම නිසා තුවාල ලැබූ පොලිස් නිළධාරීන් දෙදෙනා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇතයි ඇල්ල පොලීසිය පවසයි.

ඇල්ල පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
ගොටුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු අයිස් මත් ද්‍රව්‍ය අලවි කරන බවට ඇල්ල පොලීසියට ලැබුනු තොරතුරක් මත මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා උපාය දූතයන් ලෙස අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී ඒම පුද්ගලයා මෙම පොලිස් නිළධාරීන් දෙදෙනාට පිහියකින් ඇන තුවාල කර ඇත.
ඇල්ල පොලීසිය විසින් , පොලිස් නිළධාරීන් දෙදෙනාට පිහියකින් ඇන තුවාල සිදු කළ මෙම පුද්ගලයාද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment