ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති අද කොළඹ නාලන්දාව භාර ගනී

686

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කළ යූ. ඩී. ඉරාන් චම්පික සිල්වා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් අද (26 දා) රාජකාරී භාරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ඒ මහතා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂ ගෞරව උපාධිය ලබාගෙන ඇති අතර ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනපති උපාධිය ද කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියද ලබාගෙන ඇත.

ඔහු ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ස්ථාවර කමිටුවේ ද ප්‍රබල සාමාජිකයෙකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ ඒ මහතා කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ වසර 11ක් ද ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වසර 7 ක් ද විදුහල්පති වශයෙන් සේවය කර ඇත.

ඒ මහතා විදුහල්පතිවරයකු වශයෙන් වසර 18 ක සේවා කාලයක් ඇති පරිණත විදුහල්පතිවරයෙකි.

ගම්පහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment