මහවැලි ගඟට බැස්ස පාසල් සිසුහු දෙදෙනා මරුට බිලි

74

මහවැලි ගඟට බැස දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇත.

මෙම සිසුන් දෙදෙනා තවත් සිසු පිරිසක් සමඟ මහනුවර තැන්නකුඹුර ප්‍රදේශයෙන් පෙරේදා (24) පස්වරු 3.00 ට පමණ දිය නෑමට ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් විසින් සිසුන් දෙදෙනා ගොඩගෙන රෝහල්ගත කිරීමට රැගෙන යන අවස්ථාවේ එක් සිසුවකු මියගොස් ඇත. අනෙක් සිසුවා මියගොස් ඇත්තේ මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මහනුවර ඩී.එස්. සේනානායක විදුහලේ සහ තැන්නකුඹුර විද්‍යාලෝක විදුහලේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඕෂාන් මලීෂ හා සඳුන් දිල්ෂාන් ප්‍රනාන්දු නැමැති සිසුන් දෙදෙනා මෙලෙස මියගාස් තිබෙන බව පොලිසිය පවසයි. ඔවුන් අම්පිටිය සමාධි ජනපදය හා අම්පිටිය පල්ලේගම පදිංචිකරුවෝ වෙති. මෙම සිසුන් මහනුවර ඩී.එස්. සේනානායක විදුහලේ පැවැති චිත්‍ර වැඩසටහනකට සම්බන්ධ වී එය අවසන් වීමෙන් පසු මහවැලි ගඟේ දිය නෑමට ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව ඇත.

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment