කහවත්තේ සිමෙන්ති කලු කඩයට නඩු

188

වැඩි මිලට සිමෙන්ති විකුණු කහවත්ත නගරයේ වෙළෙදසැල් හිමියෙකුට සහ සිමෙන්ති නියෝජිත ආයතනයට නඩු පැවරිමට පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්‍යාලයේ වැටලිම් ඒකකය පියවර ගනු ලැබීය.

සිමෙන්ති කොට්ටයේ ලකුණු කළ ම්ලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙව් කරන ලද බවට පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්‍යාලයට ලද තොරතුරක් අනුව මෙම වැටලිම පෙරේදා (01දා) සිදු කළ බව එම කාර්යාලය පවසයි.

රුපියල් 1375 ක් ලෙස මිල සදහන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1900 කට විකුණන බව වැටලිමේදි අණාවරනය වු බව පාරිභෝගික අධිකාරියේ රත්නපුර ඒකකය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment