කැප්පෙටිපොල ආර්ථිකයේ එළවළු තොග මිල ඉහළට

104

උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ඉහළ ගොස් තිබේ.

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එළවළු තොග මිලදී ගැනීමට වෙළෙඳුන් පැමිණෙන අතර මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානයට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය සියයට පනහකින් පමණ පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසයි. මෙලෙස එළවළු ප්‍රමාණය අඩු වීම නිසා පැමිණෙන වෙළෙඳුන්ට මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් නොමැති නිසා තරගකාරී මිලකට එළවළු අලෙවි වීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇතැයිද වෙළෙඳුන් පවසති. මේ මිල ඉහළ යෑම සම්බන්ධව එළවළු ගොවීන් කියා සිටින්නේ මෙලෙස මිල ඉහළ ගියද තමන්ට ලාභයක් නොමැති බවයි. වර්ෂාව අඩු වීම හා එළවළු වගාවේදී භාවිතා කරන කෘෂි රසායන මිල ඉහළ යෑම නිසා තම වගාවන් නිසි අයුරින් සිදු කර ගැනීමට නොහැකි වීම නිසා අපේක්ෂිත අස්වැන්නෙන් සියයට පනහකටත් අඩු ප්‍රමාණයක් ලැබීම නිසා මේ දින වල එළවළු මිල ඉහළ ගියත් එයින් තමන්ට ලාභයක් නොමැති බවයි ගොවීන් කියා සිටින්නේ. තවද විදුලි බිල ඉහළ යෑම නිසා වගාවන්ට ජලය යෙදීමට භාවිතා කරන වතුර මෝටර් භාවිතා කිරීමට තමන්ට දෙපාරක් සිතීමට සිදුව ඇති බවද ගොවීන් කියයි.

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක ඊයේ තොග මිල

බෝංචි – රු. 430 – 450, කැරට් – රු. 270 – 280, ගෝවා – රු. 130 – 150, අර්තාපල් – රු. 280 – 300, වම්බටු – රු. 180 – 200, තක්කාලි – රු. 120 – 140, මිරිස් – රු. 650 – 670, මාළු මිරිස් – රු. 280 – 350, ලීක්ස් – රු. 180 – 190, බීට් – රු. 260 – 280, නෝකෝල් – රු. 150 – 180, රාබු – රු. 50 – 60.

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment