සෆීර්ගේ ආදර ඔන්චිල්ලාව ඇසෑම් ප්‍රාන්තයට

123

ජාතික හා ජාත්‍යන්තර සම්මාන දිනු ප්‍රවීණ නාට්‍යවේදි එම්. සෆීර් තමන්ගේ 06 වෙනි ජාත්‍යන්තර නාට්‍ය නිෂ්පාදනය සඳහා මෙවර ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ආන්ක් ක්‍රියේටිව් නාට්‍යායතයෙන් ආරාධනා ලබයි.

සෆීර්ගේ ආදර ඔන්චිල්ලාව ඇසෑම් ප්‍රාන්තයට

මින් පෙර සෆීර් ඉන්දියාවේම ගෝවා සහ පූනේ ෆ්ලේම් රංගකලා විශ්වවිද්‍යාලයෙන් සහ ගෝවා සංස්කෘතික අධිකාරයෙන් ආරාධනා ලබා නාට්‍ය නිෂ්පාදන 04 ක් සිදු කළේය. එයට අමතරව ඉතාලි ජාතික රංගවේදිනයක් වන ජුලියා ෆිල්ප්පෝ මෙරටට ආරාධනා කර “ස්වින්ග්ස් ඔෆ් ලව්” නමින් නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේය.

සෆීර් මෙවර ඉන්දියාවට ආරාධාන ලබන්නේ මින් පෙර සෆීර්ම සිංහල හා ඉංග්‍රිසි භාෂාවෙන් අධ්‍යක්ෂණය කළ, ප්‍රකට සාහිත්‍යකරුවකු වන මංජුල වෙඩිවර්ධන රචනා කළ “ආදර ඔන්චිල්ලා” නාට්‍යය ඇසෑම් භාෂාවෙන් හා ඇසෑම් රංග ශිල්පින් සමග අධ්‍යක්ෂණය කිරීමටයි. “ආදර ඔන්චිල්ලා” සිංහල බසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ දිලිනි ඊරියවල විසිනි. ඉංග්‍රීසි භාෂාවෙන් ඇසෑම් භාෂාවට පරිවර්තනය කර ලැබුවේ ආචාර්ය මිනාල් ජොටි ගෝස්වාමි විසින්.

“ආදර ඔන්චිල්ලා” ඇසෑම් නිෂ්පාදනයේ මංගල දර්ශනය අප්‍රේල් 28 සහ 29 දෙදින ගුහාටි අගනුවර රංගගත වීමට නියමිතය.

“ආදර ඔන්චිල්ලා” ඉදිරියේ ද තවත් භාෂා රැසකට පරිවර්තනය කරමින් ප්‍රංශය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක රංගගත වීමට නියමිතයි.

සෆීර්ගේ ආදර ඔන්චිල්ලාව ඇසෑම් ප්‍රාන්තයට
advertistmentadvertistment
advertistmentadvertistment