2021 විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය: ශ‍්‍රී ලංකා නැමීබියා තරගය අද

653

ශී‍්‍ර ලංකාවට ආඩම්බරයක් දීම අපේ වගකීමක් – නායක දසුන් ශානක

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය අද (18 වැනිදා) නැමීබියානු කණ්ඩායම සමගින් පැවැත්වේ. ඒ අනුව දෙරට අතර තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට අබුඩාබිහිදී ෂෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පළමු වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග වදිනු ලබයි. ඒ අනුව අයර්ලන්තය, නැමීබියාව සහ නෙදර්ලන්තය ‘ඒ’ කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් වේ.

තරගාවලියට පෙර නිල පුහුණු තරග දෙකකට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම එහිදී හොඳින් ලකුණු අතරට පිවිසෙමින් එම තරග දෙකෙහිදී පැපුවානිව්ගිනියා කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව ජයග‍්‍රාහි මානසිකත්වයකින් අද පැවැත්වෙන තරගයට පිවිසීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට අවස්ථාව උදා වී තිබේ.

කෙසේ වෙතත් අද තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය වී නොමැති අතර පසුගිය තරග 4 තුළ ශ‍්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම යුගළ 3ක් විසින් සිදු කරන ලදී. එ් අනුව පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා හා ධනංජය ද සිල්වා යන ක‍්‍රීඩකයන් ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගැනීමට එහිදී පියවර ගැණුනි. ආරම්භක පිතිකරුවකු ලෙස කී‍්‍රඩා කළ අවිශ්ක ප‍්‍රනාන්දු සිව්වැනි ස්ථානයෙන් මෙම තරගයේදී කී‍්‍රඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට වාර්තා වේ.

මේ අතර ශ‍්‍රී ලංකා නවක ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දක්වනු ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි ශ‍්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි. අද තරගය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැතුම් නිස්සංක මෙම තරගාවලිය ඔහුගේම තරගාවලියක් බවට පත් කර ගනු ඇතැයි තමා විශ්වාස කරන ශී‍්‍ර ලංකා නායකයා වැඩිදුරටත් කියා සිටියේය.

”අපේ පිතිකරණ අනුපිළිවෙල ස්ථාවර වෙලා තියෙනවා. අපි මෑතකදී අපේ අනුපිළිවෙල ටිකක් වෙනස් කළා. මම හිතන්නේ අපි හොඳ සමබරතාවයක් ඇති කර ගත්තා. පසුගිය වසර කිහිපය තුළදී අපට නියමිත දස්කම් දැක්වීමට නොහැකි වුණත් තවමත් අපේ කණ්ඩායමේ ශක්තිය ඉතා හො`දයි. අපේ ක‍්‍රීඩකයන් තමන්ගේ ශක්තීන් අනුව දක්ෂතා දැක්වුවහොත් මට හිතෙන්නේ ඔවුන්ට මේ තරගාවලියේ බොහෝ දුරක් යා හැකියි. ශ‍්‍රී ලංකාවේ සිටින අපේ රසිකයන් අපේ සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කාලයක් බලා සිටිනවා. මම බලාපොරොත්තු වෙනවා අපිට පුළුවන් වේවි කියලා ඔවුන්ව ආඩම්බරයට ලක් කරන්න’ යනුවෙන් එහිදී ශී‍්‍ර ලංකා නායකයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

මහේල ජයවර්ධන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස සම්බන්ධවීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටි ශ‍්‍රී ලංකා නායකයා මහේලගේ ආගමනය කණ්ඩායමට විශාල ශක්තියක් බවත් ඔහු සතු අත්දැකීම් සහ දැණුම කණ්ඩායමේ ඉදිරි ගමනේ සාර්ථකත්වයට ඉතා වැදගත් බවත් කියා සිටියේය.

නවකයන් රැසකගෙන් තම කණ්ඩායමේ ශක්තිය ඉහළට ගෙන ඒමට මහේල ජයවර්ධන මහතාගේ පුහුණු උපදේශකත්වය ඉවහල් වනු ඇති බවත් කණ්ඩායමට අද තරගය සඳහා යහපත් මානසිකත්වයකින් පිවිසීමට එය ඉවහල් වන බවත් කියා සිටියේය.

අද තරගයට ක‍්‍රීඩා කිරීමට අපේක්‍ෂිත ශ‍්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, වනි`දු හසරංග, අවිශ්ක ප‍්‍රනාන්දු, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ.

නැමීබියානු සංචිතය – ගෙර්හාඞ් ඉරුස්මස් (නායක), ජේජේ ස්මිත්, ස්ටෙපන් බාර්ඞ්, කාල් බර්කන්ස්ටොක්ස්, මිචවු ඩුප්‍රෙස්, ජාන් ෆ‍්‍රයිලින්ක්, ෂේන් ගී‍්‍රන්, ජාන් නිකෝල්, බර්නාඞ් ස්කොල්ට්ස්, බෙන් ෂිකොන්ගෝ, රුබෙන් ට‍්‍රම්පෙල්මන්, මයිකල් වැන්ලින්ගන්, ඬේවිඞ් විඑස්, කේ‍්‍රග් විලියම්ස්.

කුෂාන් සුබසිංහ – අබුඩාබි සිට…

advertistmentadvertistment
advertistmentadvertistment