ගැබිනි ගුරුවරියක් රත්ගමදී ශීඝ්‍රගාමී දුම්රියට පැනලා

717

රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී ඊයේ (20 දා) දහවල් නුවර සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන ගැබිනි ගුරුවරියක් සියදිවි නසාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බූස්ස කැඳල පදිංචි 34 හැවිරිදි පාසල් ගුරුවරියකි.

පොලිසිය පැවසුවේ ඇය දෙදරු මවක් වන අතර මියයන විටද ගැබිනියක්ව සිට ඇති බවයි. පවුල් ආරවුලක් මත මෙසේ දුම්රියට පැන ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළසිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment