රියැදුරුගෙන් මිදුණු ලොරිය පාර හරහා පෙරළෙයි: ගඩොල් ගෙන ඒමට ගිය අයිය මලෝ මරුට

589

කැබිතිගොල්ලෑව පදවිය ප‍්‍රධාන මාර්ගයේ මහනැටියාව ප‍්‍රදේශයේදී පෙරේදා (20 දා) සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සියඹලාගස්වැව, තිත්තගෝනෑව, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි ළහිරු නිශාන් කුමාර (28) සහ අනුරුද්ධ සිසිර කුමාර (26* යන එකම පවුලේ සහෝදරයන් වන අවිවාහක තරුණයන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කළේය.

රියැදුරුට ලොරිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් කළ එම සහෝදරයන් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලැබුණු සහනාධාර මුදලකින් තම නිවස ඉදිකිරීම සඳහා ගඩොල් තොගයක් රැුගෙන එමින් සිටියදී මෙම තරුණයන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ ගමන් කළ තවත් දෙදෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment