කල්මුනේදී කඩු ප‍්‍රහාරයකට ලක්වූ තරුණයා සහ ඔහුගේ බාප්පා රෝහලේ

916

කල්මුනේ පොලිස් වසමේ කල්මුනේ මද්‍රසා පාරේ දී කඩු පහරට ලක්ව බපතළ තුවාල ලැබූ තරුණයකු ප‍්‍රතිකාර සඳහා අෂ්රෆ් අනුස්මරණ රෝහලට ඇතුළත් කර ඇත.

පසුගිය බදාදා (22 දා* උදෑසන සංචරණ සීමා බලපැවැත්වූ කාලයේදී තම නිවස ඉදිරිපිටින් වේගයෙන් යතරුපැදිය ධාවනය කළ පුද්ගලයන් නවතා එසේ නොකරන ලෙස පුතා පැවසුවා. පසුව එම තරුණයන් නැවත පැමිණ කඩු වලින් පුතා පහරදුන්නා. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ (19* හැවිරිදි තම පුතා රෝහල්ගත කළ බව සෆාන්ගේ පියා මාධ්‍යට පැවසීය.

නිවසේ නිදාගෙන සිටි මාගේ මල්ලි ශබ්දය ඇසි එළියට පැමිණි විට ඔහුටත් කඩුවලින් පහරදුන්නා. මේ සම්බන්ධව කල්මුණේ පොලිසියට පැමිණි කළා. මාගේ මල්ලිට පහරදුන් පිරිස අප හඳුනා ගත්තා යැයි පැවසීය. නිවසට ඇතුල්වන දොරටුවේදී කැපීම් සලකුණු හා රුධිර සලකුණු දක්නට ලැබෙන අතර තරුණයන් එහි දේපළවලට පහරදෙන අයුරුද වීඩියෝගත වී තිබේ. මේ සම්බන්ධ විමර්ශන කල්මුණේ පොලිසිය විසින් සිදු කරයි.

මඩකලපුව – ටී. එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment