අවුරුදු හතරේ දරුවා ඔසවා පොළවේ ගැසූ සැකකරු රිමාන්ඩ්

146

බනිස් ගෙඩියක් මිලදී ගැනීමට චූන් පාන් ත්‍රිරෝද රථයක් අසලට පැමිණි වයස අවුරුදු හතරහමාරක කුඩා දරුවෙකුව ඔසවා පොළවේ ගැසූ බව කියන පුද්ගලයෙකු ලබන ජනවාරි මස 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය නියෝග කර ඇත.

දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී තිබේ.

චූන් පාන් රථය අසලට බනිස් මිලදී ගැනීමට දරුවා පැමිණි අවස්ථාවේදී සැකකරු විසින් බනිස් මිලදී ගැනීමට මුදල් කොහෙන්දැයි විමසා දරුවාගේ කමිසයෙන් අල්ලා එකවරම පොළවේ ගසා ඇතැයි පොලිසිය පවසයි. සැකකරු හතළිස් හැවිරිදිය.

සිද්ධිය වන අවස්ථාවේදී සැකකරු බීමතින් සිට ඇති අතර දෙමාපියන් දරුවා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment