80 වැනි ගෝල්ඩන් ග්ලෝබ්ස් රාත්‍රිය ජනවාරි 10 වැනිදා

63

The Banshees of Inisherin yd Everything Everywhere All at Once නිර්දේශීත නාම පෙරමුණේ…

1944 වසරේදී ඇරඹි Golden Globes සම්මාන උළෙල, නොකඩවා වසර ගණනාවක් පුරාවට වසරේ විශිෂ්ටතම හොලිවුඩ් චිත්‍රපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරනවා. Hollywood Foreign Press Association සමූහයේ මූලිකත්වයෙන් සංවිධානය වන මෙය, ඇමරිකානු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන ප්‍රධානම සම්මාන උළෙල කිහිපය අතුරින් එකකි.

2022 වසරේ නිකුත් වූ සිනමාපට සහ රූපවාහිනී කතාමාලා සැලකිල්ලට ගනිමින්, ඒවායින් විශිෂ්ටතම ගණයේ නිර්මාණ සඳහායි මෙවර Golden Globes උළෙලේදී ජයග්‍රහණ පිරිනැමෙන්නේ. එහිදී හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම රංගන ශිල්පියා, හොඳම රංගන ශිල්පිනිය, හොඳම සහාය රංගන ශිල්පියා, හොඳම කලා අධ්‍යක්ෂණය ආදී එකිනෙකට වෙනස් – විවිධ ශානර 14ක් යටතේ “චිත්‍රපට” අංශයෙන් සම්මාන පිරිනැමීමට නියමිතයි.

මේ වනවිටත් එම අවසන් නිර්දේශ නාම අතරට පැමිණ තිබෙන නිර්මාණ පිළිබඳව මාධ්‍යයට අනාවරණය කොට තිබෙන අතර සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එළැඹෙන 2023 වසරේ ජනවාරි 10 වැනිදාටය

මෙවර ගෝල්ඩන් ග්ලෝබ්ස් උළෙලේදී වැඩිම නිර්දේශවීම් සංඛ්‍යාවකට ඇතුළත්වීමට සමත් වූයේ Martin McDonagh විසින් අධ්‍යක්ෂණය කළ The Banshees of Inisherin නමැති සිනමාපටය වේ. හොඳම චිත්‍රපටය, හොඳම රංගන ශිල්පියා, හොඳම සහාය රංගන ශිල්පියා ඇතුළු සම්මාන අටකට නිර්දේශ වූ එය, Gloden Globes උළෙලට අමතරව ලෝ පුරා තවත් සම්මාන උළෙල රැසකදීම සම්මානයට පාත්‍රවිය.

වැඩිම නිර්දේශවීම් ප්‍රමාණයක් හිමි චිත්‍රපට ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වූයේ පසුගිය දිනවල ලෝ පුරා අවධානයට පත් වූ Everything Everywhere All at Once චිත්‍රපටයයි. නිර්දේශිත නාමයන් හයකට එම චිත්‍රපටය නිර්දේශ වී තිබේ. 80 වැනි ගෝල්ඩන් ග්ලෝබ්ස් රාත්‍රිය එළැඹෙන ජනවාරි 10 වැනිදා කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ටන් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment