පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරනු

108

විශේෂ යාඥා අද

ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන් සියලුම දෙව්මැඳුරුවල අද පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්වලදී වසර පහකට උඩදී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරන ලෙස විශේෂ යාඥා සිදුකරනු ඇත.

ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ දැනුම්දීම මත අදාළ දෙව්මැඳුරුවල පියතුමන්ලා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සිදුවූ අයුක්තිය, අසාධාරණය පිළිබඳ විශේෂ දේශනයන් සිදුකරනු ලැබේ.

මේ හැර මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවතක්ෂයට පත්වූ සියලුම පිරිස් වෙනුවෙන් විශේෂ යාඥාවන් සිදුකරනු ඇත.

2019 අප්‍රේල් 21 වැනි දින සිදුකළ මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් භූමදාන සිදුකළ සුසානභූමි තුළ ඔවුන් සිහිපත් කර ඉටිපහන් දැල්වීමටද නියමිතය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සහ කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරුවල මෙන්ම මඩකලපුව දෙව්මැඳුරේ සහ හෝටල් කිහිපයකම මෙම බෝම්බ පුපුරුවා හැර තිබුණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment