පසුගිය වසර තුන තුළදී කාන්තාවන්ට එරෙහි අපරාධවල වැඩිවීමක්

81

ඉකුත් වසරේ කාන්තා ඝාතන සියයට 29කින් ඉහළට

මෙරට කාන්තාවන්ට එරෙහි මිනීමැරුම් අපරාධවල වැඩිවීමක් දක්නට ඇති අතර ඉකුත් වසර තුන තුළදී (2020, 2021, 2022) කාන්තාවන් 263 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වර්ෂයේ දී (2022) කාන්තාවන් 102නෙකු ඝාතනයට ලක්ව තිබුණි. එමෙන්ම 2021 වර්ෂයේ දී කාන්තාවන් 79 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර එම වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ දී කාන්තා ඝාතන සංඛ්‍යාව සියයට 29කින් ඉහළ ගොස් ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

2020 වර්ෂයේ දී ඝාතනයට ලක්ව ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව 82කි.

එමෙන්ම කාන්තා මිනීමැරුම්වලට අමතරව ස්ත්‍රී දූෂණ, මිනිමැරීමට තැත්කිරීම, බරපතළ තුවාල සිදුකිරීම, බරපතළ ලිංගික අපයෝජන, අපහරණය, පැහැරගෙනයෑම, කාමුක සංසර්ගය සඳහා ස්ත්‍රීන් සැපයීම ආදි කාන්තාවන්ට එරෙහි බල අපරාධ 600ක් ඉකුත් වර්ෂයේ දී වාර්තා වී ඇත.

2021 වර්ෂයේදී කාන්තාවන්ට එරෙහි බලඅපරාධ 568ක් වාර්තා වී ඇති අතර 2020 වර්ෂයේ දී කාන්තාවන්ට එරෙහිව වාර්තාවී ඇති බල අපරාධ සංඛ්‍යාව 595කි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment