ජනපති සමග සාකච්ඡා කර ගැටලුවලට විසඳුම් දීමට සෞඛ්‍ය ඇමැති පොරොන්දු වුණා GMOA කියයි

112

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට නව සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඖෂධ, උපකරණ, යන්ත්‍ර සූත්‍ර සහ මානව සම්පත් කළමනාකරණය මෙන්ම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ඇතුළු බරපතළ ගැටලු විසඳීමට කඩිනම් අවධානය යොමුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙරේදා (10 දා) සෞඛ්‍ය ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට ප්‍රකාශ කළේය. ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා අයවැයෙන් රුපියල් බිලියින 181ක් වෙන්කර ඇතත් ඉන් කොටසක් ඉතිරි කර පවතින අර්බුද විසඳිය හැකි බව සඳහන් කළ හෙතෙම රෝහල් රැසක අක්‍රීයව පවතින යන්ත්‍ර සූත්‍ර කඩිනමින් යථාතත්ත්වයට පත්කර රෝගීන්ට සේවය සැපයිය යුතුව ඇතැයි කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment