අයි.එම්.එෆ් තීරණය ණය හිමියන්ගේ අතේ

96

ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබා දෙන එකඟතාවන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකමක් පිළිබඳ තීරණය රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.

ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවන් ලැබුණු විගස විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාව අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම අරමුදලේ නිලධාරියකු පවසා ඇත.

එමගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකි වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ප්‍රකාශකයා පවසා තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment