අදත් වැසි

103


නැගෙනහිර, ඌවල දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල අද (19) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිගමීග 100ට වැඩි තද වැසි ඇතිවන අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිගමීග 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment