ජන ගී විකෘති කිරීමට එරෙහිව පැල්පොළ විපස්සී හිමියෝ ද නැගී සිටිති

2479

සෑම ජාතියක්ම තම සංස්කෘතිය ආරක්ෂා කළ යුතු බවත් එය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට උත්සාහා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දියයුතු බවත් පැල්පොළ විපස්සී ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අග්නිදිග ආසියානු කලාපයේ සංඝනායක පැල්පොළ විපස්සී නාහිමියෝ සඳහන් කරති. මුස්ලිම් ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල කරමින් බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිරඳඩුවම් ලබාදීමට අධිකරණය පියවර ගත්තා හා සමානව සිංහල සංස්කෘතිය විකෘති කරන පුද්ගලයින්ට ද දඩුවම් ලබා දියයුතු බව උන්වහන්සේ පවසති.අපගේ වසර දෙදහස් පන්සියයකට අධික උරුමයක් ඇති සංස්කෘතිය සහ ජන උරුමයන් විනාශ කිරීමට ඉතාමත් සූක්ෂම ලෙස විවිධ පිරිස් උත්සාහා ගන්නා බවත් වහාම ඊට විරුද්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය නැගී සිටිය යුතු බවත් පැල්පොළ විපස්සී හිමියෝ පවසති.ජපානය තම සංස්කෘතිය හා දේශීය උරුමය රැකගැනීම සඳහා ගනු ලබන පියවර ඊට කදිම ආදර්ශයක් බව ද වැඩි දුරටත් සදහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment