අවුරුදු ගීතය විකෘති කළාට අවි අමෝරයි

2038

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කරනු ලබයි.රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කර ඇති බව වාර්තා වේ.විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ‌ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් , සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.ඒසේම අදාළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment