ජිනීවා තොණ්ඩුව හෙට වැටේද?  

187

ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරන යෝජනාවක් ගෙන එන 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව හෙට (12) ආරම්භ වෙයි. ඇමරිකාව, කැනඩාව, ජර්මනිය සහ බි්‍රතාන්‍යය ඇතුළු රටවල් 7ක් මෙම යෝජනාව ඉදිරිපත් කරයි. එම යෝජනාව ගෙන ඒමට පෙර හමුදා නිලධාරීන් 58 දෙනකුට එරෙහි යුද අපරාධ සාක්‍ෂි ලබාගැනීම සඳහා පරීක්‍ෂණ කණ්ඩායමක් මෙරටට එවීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

එම පරීක්‍ෂණ කණ්ඩායම උතුරු නැඟෙනහිරට ගොස් ද්‍රවිඩ ජනතාව හමුවී සාක්‍ෂි එකතු කිරීමට තීරණය කර තිබිණි. මේ අතර මෙවර මානව හිමිකම් සමුළුවට අලි සබ්‍රි සහ විජයදාස රාජපක්‍ෂ යන මහත්වරු සහභාගි වෙති.

මෙයට අමතරව විපක්‍ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද විවිධ සංවිධාන ඔස්සේ මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment