නව රජු තෙවැනි චාල්ස්

134

බ්‍රිතාන්‍යයේ 2 වැනි එලිසබෙත් රැජනගේ අවමංගල කටයුතු සැප්තැම්බර් 19 දා සුප්‍රකට වෙස්මිනිස්ටර් දේවස්ථාන ශාලාවේදී පැවැත්වේ.

ඇගේ සිරුර එම දේවස්ථානයේ මිහිදන් කෙරේ. එලිසබත් රැජනගේ අවමගුල් උළෙලට 2000 කට අධික රාජ්‍ය නායකයෝ සහ ප්‍රභූහු සහභාගිවෙති.

මියයන විට 96 හැවිරිදි වියේ පසුවූ එලිසබෙත් රැජනගෙන් පසු ඇගේ ඩොලර් බිලියන 50ක උරුමය හිමිවන්නේ චාල්ස් කුමරුට, ඈන් කුමරියට, එඩ්වඩ් සහ හැරීකුමරුන්ටය .

නව රජු ලෙස චාල්ස් කුමරු නම්කර ඇති අතර ඔහු තෙවැනි චාල්ස් ලෙස හඳුන්වනු ලබයි.

ලොව කිසිදු රාජ්‍ය නායකයකු සංචාරය නොකළ අයුරින් ඇය රටවල් 120 ක සංචාරය කර ඇත.

ඇගේ දේහය ස්කොට්ලන්තයේ මැල්ඩෝරට් මාලිගයේ සිට රාජකීය දුම්රියෙන් ලන්ඩනයට ගෙන එනු ඇත.

එලිසබෙත් රැජන මියයනවිට ඇගේ ඇඳ සමීපයේ චාලස්කුමරු සහ ඈන් කුමරිය සිට ඇති බව වාර්තාවේ.

එලිසබෙත් ඇලෙක්සැන්ඩි්‍රයා මේරි නමින් හඳුන්වනු ලැබූ එලිසබෙත් රැජනගේ අභාවය ගැන බ්‍රිතාන්‍ය ජනතාව මහත් සංවේගයට පත්වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment