අල්ලස් පුවත පරීක්‍ෂණයට ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

158

ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාල ඇතුළු විiුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පිළිබඳ අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ වහාම පරීක්‍ෂණයක් සිදුකර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

 විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ, විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියකු වූ එස්. එම්. ජී. කේ. පෙරේරා යන මහත්වරුන් පත්කර ඇත.

 පරීක්‍ෂණ වාර්තාව මෙම මස 31 වැනිදාට පෙර තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment