පස් දින නිල සංචාරයකට අගමැති චීනයට

102

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පස් දින නිල සංචාරයක් සඳහා පෙරේදා (24දා) රාත්‍රී චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා පැවසීය.

චීන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනය පරිදි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එරට සංචාරය සඳහා එක් වී ඇති අතර මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට චීනය විසින් ලබා දී ඇති දැනට ගෙවීම් අත්හිටුවා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතා ඇති කර ගැනීමට ද නියමිතය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග 10 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරයට සඳහා එක් වී සිටිති.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස 24 දා රාත්‍රී 08.20 ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළේ සිට චීනය බලා පිටත්ව ගොස් ඇත.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment