යුක්‍රේනය රුසියානු නැව් දෙකක් වනසයි

607

නවතා තිබූ රුසියානු නැව් දෙකකට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් එම නැව් විනාශ කර දැමූ බව යුක්‍රේනය විසින් නිවේදනය කර තිබේ. මේ අනුව රුසියානු ගැති ක්‍රිමියා කලාපයේ නවතා තිබූ ‘යමාල්’ හා ‘අසොව්’ යන රුසියානු නැව් දෙක යුක්‍රේන මිසයිල ප්‍රහාරවලින් විනාශ වී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම නැව් දෙකට අමතරව රුසියාවේ පිහිටි සන්නිවේදන මධ්‍යස්ථානයකට හා රුසියාවෙන් කැඩී ගොස් ඇති කළු මුහුදේ පිහිටි ක්‍රිමියා කලාපයට අයත් යටිතල පහසුකම්වලට පෙරේදා (24 දා) මිසයිල ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේනය පවසයි.ිමේ අතර යුක්‍රේනය ක්‍රිමියාවට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් 65 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව වාර් තා වී තිබේ. මෙම ප්‍රහාරවලින් මගී බස්රථ තුනක්, පාසල් බස්රථ 13ක් හා ට්‍රොලි බසයකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර රුසියානු නැව් දෙකක් මිසයිල ප්‍රහාරවලින් විනාශ කිරීම සම්බන්ධයෙන් එංගලන්ත ආරක්ෂක ලේකම් ග්‍රාන්ට් ශෑප්ස් ප්‍රශංසා කර තිබේ. එය යුක්‍රේනයට ඓතිහාසික අවස්ථාවක් බවද ඔහු සඳහන් කර තිබේ. මේ අතර රුසියාවට සහය දක්වන සේවාස්ටෝපොල් වරාය නගරයේ ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ යුක්‍රේනයෙන් එල්ල වූ මිසයිල 10ක් පහර දී බිම හෙලූ බවයි. මේ අතර රුසියාවද පෙරේදා යුක්‍රේනයේ අගනුවර වන කිව් නගරයට හා ලුව් කලාපයට පෙරේදා මිසයිල හා ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කර ඇති බව නිවේදනය කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment