පාසැල් සිසුවියක් බම්බලපිටියේදී දුම්රිය බිලි

863

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක ගැටී බම්බලපිටිය දුම්රියපල ආසන්නයේදී 21 දින පස්වරුවේදී පාසැල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි මාලිගාතැන්න වේයන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවියකි. අනතුරට පත් සිසුවිය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.

බම්බලපිටිය ප‍්‍රදේශයේ පැවැත්වෙන අපොස උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගී වීම සඳහා පැමිණි දෙවන දිනයේදි දැරිය මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න රත්නායක මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ මහතා පොලිස් කොස්තාපල්වරුන් වන (63822* ගයාන් ,(81059* චරිත් යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

දෙහිවල බී.ගෝමස්

advertistmentadvertistment
advertistmentadvertistment