නාවික හමුදාවේ 71 වන සංවත්සරයට කඩොලාන පැළ ලක්ෂයක් සිටුවයි

172

නාවික හමුදාවේ 71 වන සංවත්සරය සමගාමීව වයඹ නාවික විධාන මගින් සංවිධානය කළ වයඹ කලපු තීරයේ කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ගෙ`ග්වාඩිය කළාඔය ඉවුරු තීරයේදී ඉකුත්දා සිදුවිය.

හලාවත කලපුවේ සිට වනාතවිල්ලූව එළුවන්කුලම ගෙ`ග්වාඩිය දක්වා කලපුවේ විවිධ වර්ගයේ කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන සංකේතවත් කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලූගේතැන්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රෝපණ කටයුත්ත පැවැත්විණි.

නාවික හමුදාවේ  71 වන සංවත්සරයට කඩොලාන පැළ ලක්ෂයක් සිටුවයි

හලාවත, පුත්තලම, කල්පිටිය, කලපුවේ ඕලන්ද ඇළ, කළා ඔය, මල්වතු ඔය සහ මෝදරගම්ආරු ඉවුරු ඛාදනය අවම කිරීම සඳහා පවතින කඩොලාන ඝණත්වය වර්ධනය කිරීම මෙහි අරමුණ බව නාවික හමුදාව පවසයි.

මෙම අවස්ථාවට වයඹ ප‍්‍රධාන ලේකම් පී.එම්. සිරිසේන, පුත්තලම දිස්ත‍්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, වයඹ නාවික ප‍්‍රදේශ භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.එම් නිමල් පෙරේරා, පාසැල් දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

කඩොලාන පැළ රෝපණය කටයතු සඳහා ලංකා සුළු ධීවර සම්මේලනයේ උපදෙස් සහයත්, ඉන්සි සිමෙන්ති සමාගම හා ලක්විජය ගල් අ`ගුරු  බලාගාරවල අනුග‍්‍රහයත් ලබාදී තිබුණි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ
* ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment