නයා දෂ්ට කර නයි නටවන්නා මියයයි

134

බුත්තල නගරයේදී නයි නටවමින් සිටි පුද්ගලයකු නයා දෂ්ඨ කිරීමෙන් අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (03 වැනිදා) මියගොස් ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අක්කරේපත්තුව තිරික්කෝවිල් පදිංචි රාජ් කුමාර් (47) නැමති සය දරු පියෙකි.

හෙතෙම ඉකුත් මැයි පළමු වෙනිදා බුත්තල නගරයේ බස් නැවතුම්පළ අසල නයි නටවමින් සිට ඇති අතර ඔහු විසින් ඊට දින දෙකකට ඉහතදී අල්ලා ගන්නා ලද නයෙකු නැටවීමට යෑමේදී නයා එකවරම පැන නයි නටවන්නාගේ පපු ප්‍රදේශයට දෂ්ට කර ඇත.

පසුව ඔහු බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ. බුත්තල පොලිසියේ පො. සැ. 56494 වීරසිංහ මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment