නිවසේ මංගල ද්වාරය අවමංගල ද්වාරයක් නොකරන්න

80

මංගල යන වචනයේ අර්ථය ඉතාමත් ගැඹුරුයි. ප්‍රීතිජනක හා ජීවිතයේ සුවිශේෂීම මොහොතක් ලෙස පැවැසීම නිවැරදියි. බුද්ධ චරිතය තුළදී සිද්ධාර්ථ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම හා පරිනිර්වාණය මංගල අවස්ථාවන්ය. සෑම පුද්ගලයකුටම ජීවිතයේ මංගල අවස්ථාවන් 03 ක් පවතින බව පැවැසේ. එය නම් උප්පත්තිය, සරණ බන්ධනය හා නව නිවසකට ගෙවදීම යන අවස්ථාවන්ය. අප මංගල උත්සවයක් සඳහා සහභාගි වන්නේ ඉහළම ඇඳුම් ආයිත්තම්වලින් සැරසී රන්, රිදී, මුතු මැණික් ආභරණ පළඳාගෙනය. මක් මංගල අවස්ථාව එතරම් සුවිශේෂී වන්නේ සුවිශේෂී පුද්ගලයන් එකතුවන මොහොතක් වන නිසාය. මේ මංගල යන වචනයෙහි ඇති වැළඳගත්කම පෙන්වීම සඳහා මම උත්සහ කළෙමි. ඒ වගේම සෑම නිවසකම පවතින මංගල යන අර්ථය, වචනය මුලට දෙන සුවිශේෂී ගෘහ අංගයක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමටයි මා සූදානම් වන්නේ. එනම් අප නිවසේ මංගල ද්වාරය හෙවත් ප්‍රධාන දොර, සත්‍ය වශයෙන්ම නිවසක මංගල සිරිය දෙනවා ද නැතිනම් අවමංගල ශෝකය දෙනවා ද යන්න සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි. නිවසක මංගල ද්වාරය එම නිවසේ ගෘහ හිමියාගේ ප්‍රාණයට සම කළ හැකිය. මක් නිසාද එහුගේ හෝ ඇයගේ සෞඛ්‍යය, නිරෝගිකම තීරණය වන්නේ ගෘහ හිමියා උදේ සිට රාත්‍රිය දක්වාම බාහිර සමාජය සමඟ සම්බන්ධ වීමට පිටත් වන මෙම ද්වාරය තුළිනි. ඒ වගේම බාහිර සමාජය උදේ සිට රාත්‍රිය දක්වා නිවැසියන්ට හා සම්බන්ධවීමට පැමිණෙන මේ ද්වාරය තුළිනි. ඒ වගේම ගෘහ හිමියාගේ විවාහයෙහි පැවැත්ම, සම්බන්ධතාවය, ආර්ථිකය ධනය ළංවීම ධනය විනාශවීම, ඔහුගේ හෝ ඇයගේ සමාජයීය පිළිගැනීම, ගරුත්වය රඳා පවතින්නේ ද මේ මංගල දොර තුළිනි. නිවසේ සතුට පවතින්නේ ද මංගල දොරෙහි පිහිටීම මතයි.

මංගල ද්වාරය හෙවත් ප්‍රධාන දොරේ උලුවස්ස නිවැරදිව ලඹ කළ යුතුයි. වාස්තු විiාවේ සඳහන් ආකාරයට නිවස අභ්‍යන්තරයට, ඇලයට තැබුනහොත් ගෘහ හිමියාගේ මණනයද නිවසින් පිටතට ඇලවීම ගෘහ හිමියා නිවසින් බැහැරව පිටත වාසය කිරිමට ද හේතුවක් වනු ඇත. නිවසක ප්‍රධාන ද්වාරය හෙවත් මංගල උලුවස්ස තැබීම ශුභ පාදයක් තුළ තැබිය යුතුයි. මෙහිදී පුරාණ ක්‍රම අතර නිවසේ දික් අතට තැබීම හෝ පළල් අතට තැබීම අනුව එහි දිග හෝ පළල මැන බලා කොටස් 8 කට හෝ 9 කට බෙදා එහිදී පළමු, දෙවන පාද අතහැර තෙවන, සිව්වන පාද වන ඉන්දු, ප්‍රසන්න යන පාදවල ප්‍රධාන උලුවස්ස පිහිටුවයි. තවත් සමහරු නවග්‍රහයන්ට අනුව නම්කර 9 ට බෙදා ගුරු, ශුක්‍ර පාදවල පිහිටුවයි.

මෙම ක්‍රමයන්ට අමතරව වර්තමානයේ දික් අතට හෝ පළල් අතට එහි දිග ප්‍රමාණය 15 න් බෙදා නන්දා, භද්‍රා, ඡායා, රික්තා, පූර්ණා යන පාදවලින් නන්දා හා පූර්ණා පාදයේ ද ඡායා පාදයේ ද ප්‍රධාන උලුවස්ස තබයි. මෙම පාද 15 ට බෙදීම සාර්ථක ක්‍රමයක් වන අතර එහිදී 5, 6, 10, 11 යන පාද ප්‍රධාන උලුවස්සට යෝග්‍යම කොටස් ලෙසට ගණන් ගැනෙන්නේ 5, 6 හා 10, 11 පාද පූර්ණා, නන්දා වශයෙන් ශුභ පාද දෙකම එකට පිහිටා, වැඩි ඉඩ ප්‍රමාණයක් ලැබීම නිසාය. මෙම කොටස් 15 තුළ නන්දා, ඡායා, පූර්ණා පාදවලදී භූමිය අභ්‍යන්තරයේ තරංග ක්‍රියාකාරිත්වය ශුභාකාරයෙන් ගමන් කරන බව විiාත්මකව ද තහවුරු වී ඇති අතර අනෙක් කොටස් 02 හෙවත් භද්‍රා හා රික්තා යන කොටස්වල තරංග ගමන් කරන ක්‍රියාකාරිත්වය අශුභ ආකාරයෙන් ක්‍රියාකරන බවත් තහවුරු වී තිබේ. එම නිසා අශුභ තරංග ක්‍රියාකාරිත්වයක් ඇති ස්ථානයකින් නිතර එහා මෙහා ගමන් කිරීම පුද්ගලයාගේ ශක්ති ශරීරය හෙවත් ඕරාවට හානි සිදුවන බවත් නන්දා පූර්ණා, ඡායා ශුභ පාදයන් තුළ තරංග ක්‍රියාකාරීත්වය පුද්ගලයාගේ ඕරාව ශක්තිමත් කරන බවත් කිව යුතුයි. මනුෂ්‍යයාගේ කුසල්, අකුසල්වල ක්‍රියාකාරිත්වයට මෙම ඕරාවේ පළුදු වීම, ශක්තිමත් වීම ප්‍රධාන වශයෙන් බලපානු ඇත. මංගල උලුවස්ස තබන දිශාව ද ඉතාම වැදගත්ය. මෙහිදී දිශාව තෝරා ගැනීම, ප්‍රධාන උලුවස්ස මංගල දොර තැබීමේදී ඒ ඒ පුද්ගලයාගේ උපන් නැකැත අනුව සිදු කිරීමට හැකි නම් එය ඉතා ශුභයි. එනම් නැකැත් 27 මේ ආකාරයට ගත්විට

නිවසේ මංගල ද්වාරය අවමංගල ද්වාරයක් නොකරන්න

නමුත් වර්තමානයේ පර්චස් 4-5 සීමාවුණ බිම් කොටස්වල මෙවැනි ආකාරයට (උපන් නැකැතට) ප්‍රධාන ද්වාරය දැමීමට හැකියාව නොපවතී. ඒ මාර්ගය පවතින දිශාවට ප්‍රධාන දොර දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති නිසාවෙනි. එවැනි නිවෙසේවලට අනිවාර්යයෙන්ම එනම් තම උපන් නැකැතට ප්‍රධාන ද්වාරය එම දිශාවට තැබීමට නොහැකි අවස්ථාවලදී ප්‍රධාන දොර දකුණට හෝ ද්වාර සටහනේ දොරවල් තැබීමේදී දකුණට දොරක් තැබීම කළ යුතුමය.

ප්‍රධාන දොර හෙවත් මංගල ද්වාරයේ පියන වමට හැරීම අශුභ වේ. මංගල ද්වාරය අනෙකුත් දොරවල්, උලුවහු වලට වඩා ආකර්ෂණීය අතින් ද උසස් විය යුතුයි. එහිදී ප්‍රධාන උලුවස්ස සෙසු උලුවහුවලට වඩා අගල් 03 ක් වත් උස්ව පිහිටන ආකාරයට තැබිය යුතු අතර ප්‍රධාන දොරෙහි මල්ලියකැටයම් පුන්කලස්, නෙළුම් මල් ආදී කැටයම් දමා අලංකාර කිරීම, මංගල ද්වාරය බලගැන්වීමකි. මෙහිදී විශේෂයෙන්ම එම කැටයම් ද දිශාවන්ට අනුකූල වන පරිදි යෙදිය යුතුය. විශේෂයෙන් උතුරු දිශාවට මංගල ද්වාරයට දමන ලී කැටයම ජලය ආශ්‍රිතව, ජලයට සම්බන්ධකම් ඇති නෙළුම් මලක් වැනි නිර්මාණයක් ගැළපේ. එය දකුණ, බස්නාහිර යන දිශාවන්ට නොගැළපේ. මංගල ද්වාරයෙහි පියන එළියට විවෘතවීම එම නිවසේ ගෘහ හිමියාට හදිසි අනතුරු ගෙනදේ. කිසිම අවස්ථාවක ඔබගේ ඉදිකළ නිවසේ ප්‍රධාන දොර එළියට විවෘත වන ආකාරයට සදන්න එපා. ඒ වගේම වර්තමානයේ බොහෝ නිවෙස්වල බිම සිටම දමා තිබෙන ජනෙල්වල යටි පඩිකඳක් නොමැති ලෙස ඉදිකර පවතින අතර එහි පියන් එළියට විවෘත වේ.

මෙවැනි විශාල ජනෙල් Door windo (DW) ලෙස සැලකුව ද එය DW වීමට නම් එහි පියන් විවෘත කිරීමේදී නිවස ඇතුළට පැවැතිය යුතුයි. එසේ නොමැතිව එළියට විවෘතවීම දොරක් ලෙස නොව ජනේලයක් ආකාරයට ගණන් ගැනෙන අතර එය තුළින් එහා මෙහා ගමන් කිරීම ද කිසිසේත් ශුභ කටයුත්තක් නොවේ. තවද මංගල ද්වාරයේ උඩු පඩිකඳට යකඩ ඇණ ගසා යක්‍ෂ මුහුණු එල්ලීම, පිළිම එල්ලීම, සීනු එල්ලීම අශුභ ගෙන දේ. කිසිම ස්ටිකරයක් හෝ මුට්ටි, මංජුසාවන් එල්ලීම නොකළ යුතු අතර සමහර නිවෙස්වල ප්‍රධාන උලුවස්සට උඩින් ආගමික ශාස්තෲන්ට පහන් දැල්වීම, පිළිම තැබීම ද අශුභ ගෙන දේ.

පැරණි නිවාසවල මංගල ද්වාරය උඩින් අලිහක්ක, අශ්වලාඩම, ගෝන අං තට්ටු ගසා ඇත. එයද විනාශකාරී ප්‍රතිඵල අත්කර දෙන දෝෂයකි. ප්‍රධාන ද්වාරය උතුරට, නැඟෙනහිරට දමා ඇති විට දොරෙහි දකුණු දිශාවේ සුදු මල් බඳුනක් තැබීම ඉතා ශුභ වන අතර එහි ජලය ඉවත් කර අලුත් මල් දිනපතා එයට දැමිය යුතුයි. දකුණු දිශාවේ දොර අසල ඇත් පිළිමයක් තැබීම ද ශුභ ඵල ගෙන දේ. මංගල ද්වාරය නිර්මාණය කිරීමේදී එළ රහිත හොඳ ලී වර්ගයක්ම ගත යුතු අතර ගුල්ලන්, කෘමීන් වැනි සතුන් හානි ගෙන දෙන දැව වර්ග නොයෙදිය යුතුයි. එසේ කෘමීන් හානි කිරීම දිරාපත් වීම මුළු නිවසටම අයහපත් ගෙන දේ. මෙහිදී යොදන දැව වර්ගය කොස් දැව වීමත්, උලුවහු කඳන් දෙක ශාකයේ පැවැති මුල් ආකාරයට යට සිට උඩට ගස පිහිටන අයුරින් තැබීමත් කළ යුතුයි. ප්‍රධාන ද්වාරය තැබීම ශුභ දිනයක, ශුභ හෝරාවකම කළ යුතු අතර නිසි වත් පිළිවෙත් අනුව උලුවහු පැනීම ද කළ යුතු වන්නේය.

පුරාණ චාරිත්‍රයක් වූ ප්‍රධාන වශයෙන් පැරණි රජ මාලිගා, සිටු මැඳුරු නිර්මාණයේදී ප්‍රධාන උලුවස්ස තැනීමට පෙර උලුවස්සේ කණු දෙක පතිත වන බිම් කොටස දෙපස කළු ගලින් කරන ලද හතරුස් ගල් පතුරු 02 ක් මත උලුවහු කණු 02 යෙදෙන ආකාරයට ශෛලමය පාදලමක් තැබීය. අදත් නුවර පළාතේ පැරණි වලව්වල මේවා පවතී. මෙම ශෛලමය පාදලමක් දැමීම තුළින් අරමුණ වනනේ මංගල උලුවස්ස, දොර බලවත් කිරීමත්, ඇස්වහ කටවහ සතුරු පීඩා ආදී නොයෙක් දෝෂයන් පලවා හැරීමත් වේ. මෙය ප්‍රධාන උලුවස්ස තැබීමේ නැකතට පෙර බලවත් නැකතකට ප්‍රතිශ්ඨාපනය කළ යුතු අතර නිවසේ ගෘහ හිමියා විසින් එය නැකතට තැබිය යුතු වේ. අපගේ ජීවිතයේ සෑම සිද්ධි, සිද්ධාන්තවලදී ආරම්භය හෙවත් ප්‍රවිෂ්ටය ඉතා වැදගත්ය. හොඳ පරිශ්‍රමයක් නොමැති කල සියල්ල බලාපොරොත්තු නොවන ලෙසින් බිඳවැටෙනු ඇත. නමුත් ප්‍රවිෂ්ටය නිවැරදි නම්, බලවත් නම් කිසිම බාධාවකින් තොරව සියලු කඩඉම් ජයගැනීමට හැකිය. ඒ වගේම තමා නිවසක මංගල ද්වාරය ශුභාකාරයෙන් බලවත්ව පැවැතීම තුළින් නිවෙස අභ්‍යන්තරයේත් බාහිරවත් බාහිර ලෝකයෙන් නිවසටත් ගලා එන්නේ මංගල කරුණුමය.

නිවසේ මංගල ද්වාරය අවමංගල ද්වාරයක් නොකරන්න

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment