උසාවි නොආ නාකොටික් අයිපීට වරෙන්තු

86

හෙරොයින් ග්‍රෑම් 70 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබා දීමට පැමිණෙන ලෙසට දන්වා සිතාසි නිකුත් කර තිබියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (08) වරෙන්තු නිකුත් කළේය.

එම සාක්‍ෂිකරුට අධිකරණය විසින් නිකුත් කළ සිතාසි නියෝගය භාරදි ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය. එම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා එම වරෙන්තුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්‍ෂවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙසටද නියෝග කළේය.

නඩුවේ සාක්‍ෂි විභාගය ලබන සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරුවරයා දින නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment