ඉවතලන මාස්ක්වලින් අවදානමක්

410

මේ වනවිට දිනකට ශ‍්‍රී ලංකාව තුළ ලක්‍ෂ පනහකට අධික මුව ආවරණ (මාස්ක්)  සංඛ්‍යාවක් පරිසරයට එක්වන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය.

මෙම මුව ආවරණ නිසි ලෙස බැහැර නොකළොත් ඉදිරියේදී කොරෝනා වසංගතයට වඩා දරුණු වංසගතයක් රට තුළ ඇතිවිය හැකි බව ද ඇමැතිවරයා අනතුරු ඇගවීය.

මුව ආවරණ විශාල ප‍්‍රමාණයක් මහ මග දමා යෑම නිසා ඒවා රැුගෙන යන පක්‍ෂීන් මගින් ජලාශවලට වැටීම සහ පානීය ජල ළිංවලට වැටීම නිසා ජලය අපිරිසිදු වීමේ අවදානමක් ද මතුව ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම කොවිඞ් රෝගීන් භාවිත කළ මුව ආවරණ ද මෙලෙස පක්‍ෂීන්, බල්ලන්, බළලූන් වැනි සතුන් රැගෙන ගොස් විවිධ ස්ථානවල දැමීම නිසා කොවිඞ් රෝගය පැතිරීමේ අවදානමක් ද මතුවිය හැකි බැවින් නිසි ලෙස මෙම මුව ආවරණ බැහැර කිරීමට ජනතාව අවධානය යොමුකළ යුතුව ඇතැයි ිද පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ නිසි ලෙස මුව ආවරණ බැහැර නොකරන පුද්ගලයන්ට එරෙහිව පාරිසරික පොලිසිය නීතිමය පියවර ගන්නා බවය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment