ඉන්දියාව සර්ව ආර්ථික ස්ථාවරයකට

188

පවතින ගෝලීය ආර්ථිකය අර්බුදය හමුවේ ඉන්දියාව මෙම වසරේ ශක්තිමත් සර්ව ආර්ථික ස්ථාවරයක් සදහා කැපවිය යුතු බව එරට මුදල් අමාත්‍යාංශය පවසයි.මෙවර ඉන්දීය රජය බදු ආදායම් ලෙස ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 27.58ක් බලාපොරොත්තු වන බව ද සදහන් කරයි. ප්‍රාග්ධන වියදම් සදහා මෙවර පසුගිය වසරට වඩා සියයට 3.5% වැඩි කිරීමට ද අපේක්ෂා කරයි. යුක්රේන රුසියානු යුද්ධය නිසා ඇතිවූ අත්‍යවශ්‍ය ආහාර ගැටලු සම්බන්ධයෙන් ද ඉන්දීය රජය අවධානය යොමු කළ යුතු බව ද පවසයි. කොවිඩ් නිසා ඇතිවූ අනපේක්ෂිත ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමට ද මෙහිදී අවධානය යොමු කළ යුතු බව ද සදහන් කරයි. කෙසේ වෙතත් යටිතල පහසුකම් සංවර්ධනය ආදිය නිසා ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ඇති බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment