කිරිපිටි ගෑස් නගී – කිරිපිටි ග‍්‍රෑම් 400 රු. 790 කිලෝව රු. 1,945 – ගෑස් කි. 12.5 – 4,199ට – ගෑස් කි. – 1,680ට

305

ගෑස් සහ කිරිපිටි මිල ගණන් යළිත් ඉහළ දමා තිබේ. ගෘහස්ථ ගෑස් සඳහා පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීමත් සමඟ ලාෆ් ගෑස් සමාගම නැවත වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ඉහළ දමා ඇතැයි එහි අලෙවි නියෝජිතයෝ පවසති.

ඒ අනුව රුපියල් 2840 ක් ව පැවති කිලෝග‍්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,199 දක්වාත්, රුපියල් 1,136 ක් ව පැවති කිලෝ ග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,680 ක් දක්වාත්, රුපියල් 520 ක් ව පැවති කිලෝ ග‍්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 672 දක්වාත් ඉහළ දමා ඇතැයි ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයෝ සඳහන් කරති.

මේ වන විට සති කිහිපයක තිස්සේ ලාෆ් ගෑස් බෙදාහැරීමක් සිදු නොකිරීම නිසා වෙළෙඳපොළෙහි එම ගෑස් හිඟයක් පවතී. ඉන් ලාෆ් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

එවන් පසුබිමක මෙලෙස ලාෆ් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධව එහි සභාපති එච්. කේ. වෑගපිටිය මහතාගෙන් විමසීමට අවස්ථා කිහිපයක්ම ඒ මහතාගේ ජංගම දුරකථනයට ඇමැතුම් ගත්තද ප‍්‍රතිචාරයක් නොලැබුණි.

මේ අතර ලිට්‍රෝ සුරැුකීමේ සංවිධානය මාධ්‍ය හමුවක් තබමින් පැවසුවේ මිල වැඩි කිරීමකින් තොරව ලිට්‍රෝ ගෑස් අලෙවි කිරීම නිසා සමාගම විශාල පාඩුවක් ලබන බවත් ඒ අනුව ඉදිර මාස 03 ඇතුළත සමාගම වසා දැමීමේ අවදානමක් මතුව ඇති බවත් ය. එනිසා ලිට්‍රෝ ගෑස් මිල ද වැඩි කළ යුතු බව එම සංවිධානය සඳහන් කරයි.

උපාලි ද සේරම් සහ ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment