ආණ්ඩුව ටි‍්‍රලියන 3ක මුදල් අච්චු ගහලා – උද්ධමනය දවසින් දවස ඉහළ යනවා – මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති කියයි

482

2019 වසරේ දෙසැම්බර් මස සිට 2022 වසරේ ජනවාරි මස දක්වා කාලයේදී මේ ආණ්ඩුව යටතේ රු. බිලියන 3043 ක මුදලක් (රු. ටි‍්‍රලියන තුනකට අධික මුදලක්) අච්චු ගසා ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ඊයේ (20 දා) ‘දිවයින’ට කීවේය.

ආණ්ඩුව ටි‍්‍රලියන 3ක මුදල් අච්චු ගහලා - උද්ධමනය දවසින් දවස ඉහළ යනවා - මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති කියයි

මේ අනුව මුදල් තොගය එම කාලය තුළ සියයට 40 කින් වැඩිවී ඇති බවද මෙය විශාල වැඩිවීමක් බවද ආචාර්ය විජේවර්ධන මහතා කියයි.

දැනට පවතින ඉහළ උද්ධමනයට මේ විශාල මුදල් අච්චු ගැසීම හේතුවී ඇති බවද විජේවර්ධන මහතා කීවේය.

මුදල් අච්චු ගැසීම ලෙස සලකන්නේ ආර්ථිකයේ සමස්ත ඉල්ලූමට බලපාන මුදල් තොගය වැඩිවීමයි. මහජනයා සතු ව්‍යවහාර මුදල් ප‍්‍රමාණය, වාණිජ බැංකුවල ඇති ඉල්ලූම් තැන්පතු ප‍්‍රමාණය, වාණිජ බැංකුවල මහජනතාව සතු ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පතු ප‍්‍රමාණය සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිනුම්වල ඇති මුදල්වලින් සියයට 50 ක ශේෂය යන සාධකයන් මේ මුදල් තොගය ගණනය කිරීම සඳහා යොදා ගන්නා බවද ආචාර්ය විජේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ භාණ්ඩාගාර බිල්පත් පොලිය අඩු මට්ටමක පැවැති නිසා රජයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුවට වැඩියෙන් දායක වීමට සිදුවු බවද එසේම විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය පිරිහීම නිසා රජයට ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ණය ගැනීමට දුෂ්කර තත්ත්වයක් ඇති වූ බවද ආචාර්ය විජේවර්ධන මහතා සඳහන් කරයි.

සාපේක්‍ෂකව ඒ ක‍්‍රම දෙකෙන්ම රජයට ණය ගැනීමට දුෂ්කර වූ නිසා 2019 දෙසැම්බර් මාසයේ සිට 2022 ජනවාරි දක්වා කාලයේදී රු. බිලියන 4201 ක ප‍්‍රමාණයක් රජය විසින් මහ බැංකුවෙන් සහ වාණිජ බැංකුවලින් ණය ලබාගෙන ඇති බවද ඒ මහතා පැවසීය.

අපේ ජාත්‍යන්තර බැඳුම්කරවල මිල ගණන් මේ වන විට අඩුවෙලා. දැන් ඒවා විකිණෙන්නේ විශාල මට්ටමකට. පසුගියදා ජනාධිපතිතුමා කරපු කතාව ආයෝජකයන් තුළ විශ්වාසය ජනිත කිරීමට සමත්වෙලා නෑ. එතුමා පැහැදිලිව කිව්වේ නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියලා. අපේ‍්‍රල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම තවත් ප‍්‍රමාද වැඩි තත්ත්වයට පත්වන බවද ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා තවදුරටත් ‘දිවයින’ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment