මහ බැංකු සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක අනුමැතිය

55

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙරේදා (14දා) සිය සහතිකය සටහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීම පසුගිය ජුලි 20 දින සිදු විය. බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීම පසුගිය ජුලි 21 දින සිදු විය.

ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත වශයෙන් මෙම පනත් දෙක බලාත්මක වේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා ද එක්ව සිටියහ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment