අරගලකරුවන් උද්ඝෝෂණය කළ යුත්තේ විදුලි මාෆියාව සිදු කරන විදුලිබල මණ්ඩලය ඉදිරිපිටයි

323

විදුලි කප්පාදුවට වගකිය යුතු අය ගැන තෙල් ඇමැති කංචනගෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට

රට තුළ මේ වනවිටත් සිදු කරනු ලබන විදුලි කප්පාදුවට වගකිව යුතු අය පිළිබඳ විශේෂ වාර්තාවක් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07දා) දින ඉදිරිපත් කළේය.

එම වාර්තාව අනුව විදුලි කප්පාදුවට වගකිවයුත්තන් සම්බන්ධව වැඩිදුරටත් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ද කී ඒ මහතා තරුණ අරගලකරුවන් උද්ඝෝෂණය කළ යුත්තේ ගෝල්ෆේස් පිටියේ නොව විදුලි මාෆියාවක් සිදු කරන විදුලිබල මණ්ඩලය ඉදිරිපිට යැයි ද සඳහන් කළේය.

මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කිරීම සඳහා පාඨලී චම්පික රණවක, රංජිත් සියඹලාපිටිය, අජිත් පී. පෙරේරා යන ඇමැතිවරුන් 2014 වර්ෂයේ සිට ගෙන එන ලද උත්සාහයන්ට වගකිවයුත්තේ කවුදැයි කියා ද සොයා බැලිය යුතු බව ද ඇමැතිවරයා කීය.

පසුගියදා නොරොච්චෝලේ සහ තවත් බලාගාරයක් හදිස්සියේම බිඳ වැටීම හේතුවෙන් රට තුළ පැය 12 ක 13 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට වීම පිළිබඳ මේ වනවිට විශේෂඥ කණ්ඩායමක් සකස්කරන ලද වාර්තාව මගින් එම බිඳ වැටීම් පිළිබඳ සාධාරණ සැකයක් මතු කර ඇති අතර පරිගණක විශ්ලේෂණ කණ්ඩායමකට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සඳහා පරීක්ෂණ භාර කළ යුතු යැයි හෙතෙම පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment