පොහොර ගන්න රු.15,000ක් ගොවීන්ගේ ගිණුමට

91

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් බැර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

පසුගිය කන්නයේදී පොහොර සහනාධාරය ලෙස හෙක්ටයාරයකට රුපියල් විසිදහසක මුදලක් වවුචර් පත් මගින් ගොවීන්ට ලබා දී තිබිණි. මේ වනවිට වෙළෙඳපොළේ යූරියා ඇතුළු පොහොර මිල ගණන් පහත වැටී ඇති බැවින් පසුගිය කන්නය සඳහා ලබාදුන් රුපියල් විසිදහසක මුදල රුපියල් පහළොස්දහස ලෙස අඩුකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 12ක් රජයට වැය වෙති. මේ වනවිට රජය රුපියල් බිලියනයක මුදලක් මීට ලබා දී ඇතැයි එම නිලධාරියා පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment