අවුරුදු නැකත් ගැන රජයෙන් නිවේදනයක්

5796

මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර රාජ්‍ය නැකත් සීට්ටුව අනුව සිදුකරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විවිධ මතිමතාන්තරවලට නොරැවටෙන ලෙසද සමාජ මාධ්‍ය ඔස්සේ එසේ විවිධ මත ඉදිරිපත් කරන ජෝතීර්වේදියා රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කළ නැකත් සීට්ටුව නැකත් ශාස්ත්‍රානුකූල සහ නිවැරදි බවට එකගව අත්සන් ලේඛණයේ අත්සන් කර ඇතැයිද අමාත්‍යංශය පවසයි.ඒ අනුව එය ප්‍රසිද්ධ කිරීමට පියවර ගත් බවද සඳහන් කරයි.එම නැකත් සීට්ටුවට අනුව ආහාර පිසීම අප්‍රේල් මස 13 වැනිදා රාත්‍රී 11.06ට ද වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය 13 වැනිදා රාත්‍රී 12.06ට හෙවත් 14 වැනිදා එළිවෙන පාන්දර 00.06ට සිදු කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment