සෙත් කවිය හා අපේ ජිවිතය

616

HTML clipboard



ජ්‍යොතිෂවේදී  බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගෙ

ජීවන ගමනේ පියමන් කරන අප සැම නොසිතන නොපතන අවස්ථාවන්හිදී

විවිධ අපල උපද්‍රව දුක් ගැහැටවලට මුහුණ දෙන්නෝ වෙමු. එහිදී පළමුව

බෝධි පූජාවේ පිහිට පතන අතර ඒ සමගින් නිතැතින්ම යොමු වන්නේ සෙත් කවිය

වෙතටයි. කොතෙක් බලගතු යන්ත‍්‍ර මන්ත‍්‍ර තිබුණත් ඒවා සකස්කර ගැනීමට යෑමේදී

විවිධ දුෂ්කරතා මතුවේ. යන්ත‍්‍රය නිවැරදිව සකස්කරවා ගැනීම, ඒ සඳහා වැයකළ යුතු

අධික මුදල සහ පැළඳගත් යන්ත‍්‍රය ආරක්ෂා කර ගැනීම මූලික ප‍්‍රශ්න වෙයි.



යන්ත‍්‍රයක නිසි ජීව බලය ලැබීමට එය කිළිකුණුවලින් ආරක්ෂා කරගෙන යා යුතුය.

නමුත් අනේක විධ ප‍්‍රශ්න දිනෙන් දින අප කරා එළැඹෙන මෙවන් කාර්ය බහුල

දිවියකදී පැළඳගත් යන්ත‍්‍රය ආරක්ෂාකර ගැනීමද පහසු දෙයක් නොවේ. නමුත් බෝධි

පූජාව හා සෙත් කවිය එසේ නොවේ. සුළු මුදලකින් පහසුවෙන් ලබාගත හැකි

මෙන්ම වටපිටාවෙන් සපයාගත හැකි දේ ඉවහල් කරගෙන දින 7ක් කිළිකුණු වලින්

ආරක්ෂා වී බෝධි පූජාව හා සෙත් කවිය ගායනය කර ගැනීම එතරම් දුෂ්කර

නොවේ. නමුත් එයින් ලැබෙන සහනය හා ප‍්‍රතිඵලය ඉතා උසස් හා අනර්ඝ වේ. ඒ

නිසාම සෙත් කවිය ඉෂ්ට කාව්‍යය යනුවෙන් ද භාවිතා වේ.



සෙත් කවිය ලියන්නේත්, කියවන්නේත් කවරෙකුට හෝ සෙතක් ශාන්තියක්

ප‍්‍රාර්ථනා කරනු පිණිසය. පුද්ගලයෙක් ලෙඩකට, කරදරයකට, අභාග්‍යයකට මුහුණ

පෑවිට බෝධි පූජාවක් පවත්වමින් දෙවියන් ඉදිරියේ සත් දිනක් සෙත් කවියක්

කියවාගෙන ශාන්තිය සලස්වා ගැනීමට අතීතයේ පටන්ම බොහෝ දෙනෙක් පුරුදු වී

සිටිති. අපල පිරිපත දුරුකර ගැනීමෙහිලා භාවිත වන සෙත් කවිය මන්ත‍්‍රයකට සමාන

කළ හැකිය. එනමුත් සෙත් කවියක ඇති විශේෂත්වය වන්නේ පෙරනිමි අක්ෂර

බන්ධනයක් වන මන්ත‍්‍රය මෙන් නොව සෙත් කවියක් යනු අභිමත කාරණයකට හා

පුද්ගලයාට ගැළපෙන පරිදි ශාස්තී‍්‍රය නියමයන් රාශියක් අනුගමනය කරමින් රචනා

කරනු ලබන විශේෂිත වූ කාව්‍ය නිර්මාණයක් වීමයි.



නියමාකාරයෙන් තොරව එම ක‍්‍රමවේදවලට අනුකූල නොවන ලෙස සකස් කරන

සෙත් කවියෙන් ද පලක් නොවේ. එසේ නම් සෙත් කවියක් සකස් කර ගැනීම

පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් සාමාන්‍ය ජනතාව තුළ ද තිබිය යුතුය. සෙත් කවිය

ලියන්නේත්, කියවන්නේත් පුර පක්ෂයේදී පමණි. සුබ නැකතට සිද්ධි චක‍්‍ර අනුව

රචනා කරන සෙත් කවියට කරුණු යොදා ගන්නේ ඔබේ හඳහන ඇසුරිනි. එසේම

සෙත් කවි ගායනයට අවස්ථාවක් (එනම් දිනය හා වේලාවක්* සෙත් කවි රචකයා

විසින් ඔබට ලබාදෙනු ඇත. එසේම ඔබට කොතෙක් නම් තිබුණත් ඔබ සමාජයේ

ප‍්‍රචලිත නමටයි සෙත් කවිය ලියවෙන්නේ,

තවද කොතෙක් කවි හැකියාව ඇතත් කුහකයෙකු

විසින් ලියන කවිය දෙවි දේවතාවෝ ප‍්‍රතික්ෂේප කරති.

අනුන්ගේ දුකේදී කම්පාවිය හැකි, දැහැමි, චරිතවත්,

සිල්වත් පුද්ගලයා ලියන කවිය ඒ අසීමිත බලයත්

සමග ඔබට සෙත ශාන්තිය උදාකරනු ඇත.

ඉහත සියලූ අංග සපුරමින් කවිය රචනා කර

ගත්තද එයින් සෙත ලැබීමට නම් කවිය කියවෙන

පාර්ශ්වය ද ඉහත අංග සපුරා තිබිය යුතු වේ.



බොහෝ විට අප සෙත් කවිවලින් පිහිට අපේක්ෂා

කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය අසා

මාර්ගඵල ලාභී බ‍්‍රහ්ම, විෂ්ණු, සමන් හා දැඩිමුණ්ඩ ආදී

දෙවිවරුන්ගෙනි. එසේ නම් ඒ දේවාශීර්වාදය ලැබීමට

නම් අපද අපට පුරුදු භාවනාවකින් චිත්ත සමාධිය

ඇති කර ගත යුතුය. දෙවිවරු ශීල, සමාධි ගුණ ඇති

අය දැකීමටත් ඔවුන්ට පිහිට වීමටත් කැමැත්තෝය.

advertistmentadvertistment
advertistmentadvertistment