පුරුෂයන්ගේ ගතිගුණ ඉන්නන් හා ලප තුළින් සොයමු

2258

සුබපල ලැබෙන ස්ථානයක ඉන්නෙකු පිහිටීම එම සුබපලය අවම කරන අතර අසුබපල ලැබෙන ස්ථානයක ඉන්නෙකු පිහිටීම අසුබපල වැඩි කරයි. එම ඉන්නා තුළ හෝ වටා රෝම පිහිටියේ නම් අසුබපල දෙගුණ තෙගුණ වී යයි.

පුරුෂයින්ගේ ශරීරයේ විවිධ ස්ථානවල තිබෙන ඉන්නන් හෝ ලප වලින් කියැවෙන ගතිගුණ විවිධය. එම ගතිගුණ තේරුම් ගත් කල ඔහුව මනාව අධ්‍යයනය කළ හැක. ලප හා ඉන්නන්ගෙන් කියැවෙන සුභ අසුභ පලාපල පහත පරිදි වේ.

සුබපල ලැබෙන ස්ථානයක ඉන්නෙකු පිහිටීම එම සුබපලය අවම කරන අතර අසුබපල ලැබෙන ස්ථානයක ඉන්නෙකු පිහිටීම අසුබපල වැඩි කරයි. එම ඉන්නා තුළ හෝ වටා රෝම පිහිටියේ නම් අසුබපල දෙගුණ තෙගුණ වී යයි. සුබ ස්ථානයක එසේ පිහිටියේ නම් සුබපල කිසිත් නොලැබේ.

  1. නළලෙහි දකුණු පැත්තේ උපන් ලපයක් පිහිටි පුරුෂ තෙමේ,

බොහෝ දක්ෂතා ඇති, එම දක්ෂතා තුළින් ලෝකයා සතුටු කරවන, කීර්තිය නොවඩුව ලැබෙන, ජීවිතයේ පුරාම පාහේ සැප සම්පත් නොවඩුව භුක්ති විඳින, ඉගෙනීමෙහි දක්ෂ අයෙකි.

  1. නළලෙහි වම් පැත්තේ උපන් ලපයක් ඇති පුරුෂ තෙමේ,

සුරාවට ලොල් වූ පුද්ගලයෙකි. මෙවන් පුද්ගලයන් තුළ අපචාර බහුලව පවතී. නමුත් මොවුන් කලාවට ළැදි කලාවෙන් ඉදිරියට යන අය වේ.

  1. නළලෙහි හරි මැද උපන් ලපයක් වී නම්,

එවන් පුරුෂයන් ජීවිතේ මුල් කාලයට වඩා පසු කාලයේ පොහොසත් වේ. බොහෝ ඉවසන කෙනෙකි. උත්සාහයෙන් වැඩ කරන ප්‍රබල උත්සාහවන්තයෙකි.

  1. දකුණු ඇහි බැමෙහි උපන් ලපයක් පිහිටීම,

මෙවන් පුරුෂයන් දීර්ඝායුෂ භුක්ති විඳින අය වේ. බොහෝ සැප සම්පත් ලබන අය වන අතර ඉදිරිපත් වන තරගවලින් නිතර ජය ලබන පිහිටීමකි.

  1. වම් ඇස තුළ උපන් ලපය පිහිටි පුරුෂයා,

නිතර කරදරයෙන් ජීවත් වන සැඩපරුෂ වචන කතා කරන සිතේ සතුට නැති අයෙකි.

  1. කම්මුලෙහි උපන් ලපයක් පිහිටි පුරුෂ තෙමේ,

දන් දීමට ඉතා කැමතිය. කාමාධිකය, විවිධ විෂය ක්ෂේත්‍ර කෙරෙහි දක්ෂතා පෙන්නුම් කරයි. දිළිඳුව සිටියද නොබෝ කලකින් ධනවත් වේ.

  1. නාසයේ අග උපන් ලපයක් පිහිටි පුරුෂයා,

ඉතා කාමාධිකය. විවාහ ජීවිතය අසාර්ථක කරගනී. නමුත් මොවුන් හොඳ ගතිගුණවලින් යුත් කල්‍යාණ මිතුරන්ය.

  1. තොලෙහි උපන් ලපයක් වේ නම්,

මෙවන් පුරුෂයන් නිතර දුරාචාරයේ යෙදෙන කරන වැඩවල නිසි ප්‍රමිතියක් නැති, එම වැඩ හානි කරගන්නා අයෙකි.

  1. නිකටෙහි උපන් ලපයක් වේ නම්,

එවන් පුරුෂයන් ගුණවත් අය වේ. සංචාරයට කැමතිය. උපන් ගමින් පිටතදී හෝ උපන් රටින් පිටතදී මරණය සිදුවේ. මොවුන් විවාහය නිසා පීඩා විඳින අය වේ.

  1. දිවෙහි මැද උපන් ලපයක් වේ නම්,

මොවුන් නිතර තම බිරිඳට බැණ වදින, දීර්ඝායුෂ ලබන බොහෝ දුක් විඳින, අපහාස ලබන, කෙසේ හෝ තම අදහස් මුදුන් පමුණුවා ගන්නා අයෙකි.

  1. උගුරු දණ්ඩේ උපන් ලපයක් වේ නම්,

එවන් පුරුෂ තෙමේ අනුන්ට උදව්, උපකාර කරන, ජීවිතේ ධනවත් වන, කලගුණ දත් අයෙකි.

  1. වම් උරහිසේ උපන් ලපයක් වූයේ නම්,

එවන් පුරුෂයන් කලහකාරි ගති වැඩි, කලකෝලාහලවලට පැටලෙන, නීතියෙන් වරදකරුවන් වී දඬුවම් ලබන දරදඬු සිතක් ඇති නපුරු අයෙකි.

  1. දකුණු උරහිසේ උපන් ලපයක් වූයේ නම්,

මොවුන් උත්සාහවන්තය, කඩිසරය. දිනෙන් දින දියුණු වේ. කල්යත්ම බොහෝ වස්තුවකට හිමිකම් කියන අය වේ.

  1. පපුවේ දකුණු පැත්තේ උපන් ලපයක් වී නම්,

මොවුන් බුද්ධියෙන් අඩුය. මෙවන් පුරුෂයන්ට ගැහැනු දරුවන් වැඩිය. ඥානවන්ත බිරිඳක් ලබන පිහිටීමකි.

  1. පපුවේ වම් පැත්තේ උපන් ලපයක් වී නම්,

මොවුන්ට කාමාශාව වැඩිය. බොහෝ ධනවත් වේ. ගුණ ගරුකය.

  1. පපුවේ මැද උපන් ලපයක් වී නම්,

මෙවන් පුරුෂයන් පාපකාරී ක්‍රියාවල නිරත වන ආගම දහම පිළිනොගන්නා, නිතර ආරවුල් ඇති කරගන්නා, ආශ්‍රයට නුසුදුසු අයෙකි.

  1. පපුව පුරාම විහිදුණු උපන් ලපය හිමි පුරුෂයා,

වෙළඳ ව්‍යාපාර කරන පවුලක උත්පත්තිය ලබන අතර සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක් වේ. ඉගෙනීමට එතරම් දක්ෂ නොවේ. නමුත් පාසලේ ජනප්‍රිය චරිතයකි. ව්‍යාපාර අංශය තම ජීවන වෘත්තිය කර ගනී. ධනවත් වේ. පෙනුමෙන් ඉතා නිර්භීතය. අපලකාරී තත්ත්ව බහුල අය වේ.

  1. බඩෙහි උපන් ලපයක් වී නම්,

මොවුන් ආත්මාර්ථකාමී චරිත වේ. සුරාවට ලොල් වූ අයෙකි. අනුන්ට උදවු උපකාර කිසිත් නොකරයි. මොවුන්ගේ විවාහයද අසාර්ථක වේ.

  1. මැණික් කටුවේ උපන් ලපයක් වේ නම්,

මොවුන් සැප සම්පත් භුක්ති විඳින, වාසනාවන්ත දරුවන් ඇති පියෙකි. ජීවිතේ සතුටින් ගත කරයි.

  1. වැලමිටේ උපන් ලපයක් ඇති පුරුෂයා,

ඉගෙනීමෙහි දක්ෂ, විවිධ කර්මාන්ත දන්නා රූපශ්‍රියාවෙන් අගතැන්පත් ස්ත්‍රියක් ලබන අයෙකි.

  1. අතේ උපන් ලපයක් පිහිටි පුරුෂයා,

අධි උත්සාහවන්තය. සතුරන් පරාජය කරන ප්‍රියමනාප බිරිඳක් ලබන අයෙකි. මොවුන්ගේ විවාහ ජීවිතය තුළ ගැටලු අඩුය. නිතර බිරිඳගේ ආදර ගෞරවයට පාත්‍ර වේ.

  1. දකුණු කලවේ උපන් ලපයක් වේ නම්,

මෙවන් පුරුෂයන්ට විවාහයෙන් දායාද හිමි වේ. කුමන හෝ භූගත කර්මාන්තයකින් දියුණු වන අයෙකි.

  1. වම් කලවේ උපන් ලපයක් වේ නම්,

කුඩා කල සිට දියුණුවීමට උත්සාහ කරන, උත්සාහය නිසාම දියුණු වී යස ඉසුරෙන් පිරි ජීවිතයක් ගත කරන පින් දහම් වැඩ බහුලව කරන දැහැමි අයෙකි.

  1. තට්ටමේ උපන් ලපයක් වේ නම්,

ඉතා කඩිසර අයෙකි. බොහෝ දුක් පීඩා ඇති වන දිළිඳු අයෙකි.

පුරුෂයන්ගේ ගතිගුණ ඉන්නන් හා ලප තුළින් සොයමු

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය
මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment