ජන්ම පත්‍රයේ රාශි දොළහ

4142

ජන්ම පත්‍රයක ඇති ගර්භ හෙවත් කොටු දොළහ හඳුන්වනු ලබන්නේ ‘භාව’ යනුවෙනි. උපන් ලග්නය අනුව ඒ ඒ ගර්භයේ පිහිටන ලග්නය වෙනස් වුවද භාව දොළහ වෙනස් වන්නේ නැත. මේ භාවයන් තුළින් ජීවිතයේ විවිධ අංශ නියෝජනය වේ.

ඒ ඒ අංශවල ඇතිවෙන දියුණුව, දුර්වලතා, බාධක, විශ්ෂ පෙරළි ආදී දේ භාවය පරීක්‍ෂා කිරීමෙන් දැනගත හැකිය. ලග්නයෙන් ප්‍රධාන වශයෙන් කෙනකුගේ ශරීරයේ පෞරුෂත්වය, අඟපසඟ, කල්ක්‍රියාව, ගතිගුණ, උස් පහත් බව, සෘජු චපල භාවය ආදියයි. සම්පූර්ණ ජීවිත කාලය කෙසේද කියාත් ලග්නයෙන් බැලිය යුතුයි.

ජන්ම පත්‍රයක් සකස් කිරීමේදී එය ගර්භ හෙවත් කොටස් දොළහකට බෙදා දක්වා ඇති බව අපි දන්නා කරුණකි. එහි පළමුවන ගර්භය හෙවත් කොටුව ලග්නයයි. එනම් ඔහු උපන් මොහොතේ ක්ෂිතිජයේ ඉහළට උදාවෙමින් පැවැති රාශියකි.

ලග්නයේ මුල් කොටුව හෙවත් මුල් ගර්භයට යොදා සකස් කළ අපේ ජන්ම පත්‍රයෙහි ලග්න කොටුව හැඳින්වෙන්නේ ලග්න කේන්ද්‍රය ලෙසය. රාශි දොළහ විවිධ රාශි ප්‍රභේදවලට බෙදේ. ඒ ප්‍රභේද අනුව එම රාශි තවත් ලග්නවල උපන් පුද්ගලයන්ගේ ගතිගුණ හා ලැබෙන ඵල අපල වෙනස්වන ආකාරය දක්වා ඇත.

මූලික වශයෙන් චර රාශි, තිර රාශි සහ උභය රාශි වශයෙන් කොටස් තුනකට බෙදේ. මෙම බෙදීම අනුව ඒ ඒ රාශිවල උපන් අයත් සිතුම් – පැතුම් පිළිබඳව දැනුමක් ලබාගත හැකිය.

මේෂ, කටක, තුලා සහ මකර චර රාශි ලෙස හඳුන්වා ඇත. මෙහි උපන් අය වෙනස්වනසුලු ගතිගුණ සහිත අයවේ. කිසිදු තීරණයක් එකසේ ස්ථිරව එළැඹෙන්නේ නැත. නියත අරමුණක් වෙනුවට උචිත අරමුණක් හෝ වාසිදායක අරමුණකට යොමුවනු ඇත.

වෘෂභ, සිංහ, වෘශ්චික සහ කුම්භ තිර රාශි වේ. මෙහි උපන් අය අදහස් වෙනස් නොකරන, නිතර ස්ථිර අරමුණක් සඳහා ගමන් කරන, ලාභ-පාඩු නොබලා සිය ප්‍රතිප්ති ක්‍රියාත්මක කරන අය වේ.

මිථුන, කන්‍යා, ධනු සහ මීන උභය රාශි ලෙස හැඳින් වේ. මෙහි උපන් අය ද්විත්ව ගති ඇති අය වේ. අදහස් සැඟවීමෙහි ඉතා දක්ෂ, කටයුතු දෙකක් එකවර කිරීමට සමත් කෙනෙකි.

මෙම රාශි දොළහෙන් හයක් පුරුෂ රාශි ලෙස ද, හයක් ස්ත්‍රී රාශි ලෙස ද හැඳින්විය හැක. පුරුෂ රාශි ඔත්තේ රාශි වන අතර මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශි පුරුෂ රාශි වේ. ස්ථීර රාශි ඉරට්ටේ රාශි වන වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන රාශි ඊට ඇතුළත්ය.

පුරුෂ රාශිවල උපන් අය පිරිමි ගතිගුණ ඇති අය ලෙසත්, ස්ත්‍රී රාශිවල උපන පිරිමි අය සෞම්‍ය ගුණයෙන් යුතු ස්ත්‍රී ගතිගුණ ඇති අය ලෙස හැඳින්විය හැකිය.

විශේෂයෙන්ම මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ, පුරුෂ රාශිවල උපන් සත්‍රීන් – පිරිමි ගති කිසියම් ප්‍රමාණයකට ප්‍රකට කරන බවත්, ස්ත්‍රී රාශිවල උපන් පිරිමින් මෘදු මොළොක් හදවතක් ඇති, සමහර කටයුතුවලදී ස්ත්‍රීන් ලෙස සුද්දර සහ කලබලකාරී තද ගතිගුණ ප්‍රකට නොකරන පුද්ගලයන්ය.

ජන්ම පත්‍රයක ඇති ගර්භ හෙවත් කොටු දොළහ හඳුන්වනු ලබන්නේ ‘භාව’ යනුවෙනි. උපන් ලග්නය අනුව ඒ ඒ ගර්භයේ පිහිටන ලග්නය වෙනස් වුව ද භාව දොළහ වෙනස් වන්නේ නැත. මේ භාවයන් තුළින් ජීවිතයේ විවිධ අංශ නියෝජනය වේ. ඒ ඒ අංශවල ඇතිවෙන දියුණුව, දුර්වලතා, බාධක, විශ්ෂ පෙරළි ආදී දේ භාවය පරීක්‍ෂා කිරීමෙන් දැනගත හැකිය.

ලග්නයෙන් ප්‍රධාන වශයෙන් කෙනකුගේ ශරීරයේ පෞරුෂත්වය, අඟපසඟ, කල්ක්‍රියාව, ගතිගුණ, උස් පහත් බව, සෘජු චපල භාවය ආදියයි. සම්පූර්ණ ජීවිත කාලය කෙසේද කියාත් ලග්නයෙන් බැලිය යුතුයි.

ධනස්ථානයේ අතේ ඉතුරුවන ධනය, ලෞකික දේපළ අයිතිය, සිහිය, පුරුෂයන්ගේ දකුණු ඇස, ස්ත්‍රීන්ගේ වම් ඇස, දියුණුව හා පිරිහීම, විවාහයෙන් පසු ගතවන කාලය සම්බන්ධ විස්තර, ගෘහ ජීවිතය මරණය ආදිය දෙවැන්නෙන් බැලිය යුතුයි.

වික්‍රමස්ථානය බාල සහෝදරයෝ, සහෝදරියෝ, පිය පක්ෂයේ නෑදෑයෝ, අසල්වැසියෝ ලිවීම් කියැවීම් ආදිය සම්බන්ධ ගමන් බිමන් ආදිය සම්බන්ධ කරුණු සලකා බැලිය යුතුය.

බන්ධුස්ථානය මවුපියන්ගෙන් ලැබෙන දේපළ, යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල්, නිශ්චල දේපළ මවගේ නෑදෑයන් සම්බන්ධ සියලු විස්තර ජීවිතයේ අන්තිම කාලය කෙසේ ගතවේ ද යන්නක හතරෙන් බැලිය යුතුයි.

පුත්‍රස්ථානය ආලය සම්බන්ධ තත්ත්වය, දරුවන් ලැබීම් හා නොලැබීම්, දරුවන්ගේ තත්ත්ව, ඔවුන්ගේ වාසනා අවාසනා ගති, ආගම් හා දර්ශන පිළිබඳ ඥානය, පෙර ජම්මය තෙක් බැලිය යුතුය.

රෝගස්ථානය ලෙඩ රෝග, දාස දාසීන්, මෙහෙකරුවන්, සතුරන්, ණය ගනුදෙනු, නැන්දා මාමා හා ඒ පක්ෂයේ නෑදෑයන් සම්බන්ධව හයෙන් බැලිය යුතුයි.

විවාහස්ථානය පුරුෂයකුගේ නම් භාර්යාව සම්බන්ධව ද ස්ත්‍රියකුගේ නම් ස්වාමියා සම්බන්ධව ද ඒ දෙදෙනාගේ සම්බන්ධතා අසම්බන්ධතා ගැන ද හතෙන් බැලිය යුතුය. ධන හානිය ද මහජන ප්‍රසාදය ද ස්ථිර රැකියාවක යෙදී සිටී ද නැද්ද යනු හතෙන් බැලිය යුතුය. මරණය සම්බන්ධව ද හත ප්‍රධාන ස්ථානයකි.

මාරකස්ථානය ජීවත්වන ආයුෂ ගණන, මරණය කෙසේ සිදුවන්නේ ද හිත පිළිබඳ අවුල්, පිස්සු වැටීම් ආදිය අනුන්ගේ දේපළ අයිතිවීම හෝ නොවීම, විවාහයේ දායාද ලැබීම හෝ නොලැබීම අටෙන්ම බැලිය යුතුය.

ධර්මස්ථානය ගුරු – දෙගුරු, වැඩිහිටි ආදීන්ට හා ආගමට

ගරුසරු දැක්වීම විශේෂයෙන් පියාට සැලකීම හා පියාගේ සැපදුක් බැලීම, දරුවන්ගේ උසස්වීම් නවයෙන් පෙනේ. සහෝදර භාර්යා දරු මල්ලන්, නෑදෑ මිත්‍රාදීන් සමඟ සම්බන්ධය නවයෙන් බැලිය යුතුය.

කර්මස්ථානය දියුණුවීමේ ආශාව හා ඊට මාර්ග, මානය, ධෛර්ය සම්බන්ධ කරුණු, රැකී රක්ෂා වෙළහෙළඳාම් සම්බන්ධ කටයුතු ද ඒවා දියුණු වෙන, පිරිහෙන කාල සම්බන්ධව දහයෙන් බැලිය යුතුය.

අයස්ථානය පොත්පත් කියැවීම, සමාජ සේවා වැඩ, එකොළහකට අයිතිය ප්‍රධාන ආදායම් ස්ථානයවේ. වැඩිමහල් සහෝදරයෝ එකොළහේ වෙති. සියලු ලැබීම් එකොළහෙන් කිව යුතුයි.

වැයස්ථානය විශේෂයෙන් වියදම් යන ස්ථානය වේ. වධ බන්ධන, සිර අඩස්සි, රහස් කටයුතු, ආත්ම විනාශය, පිටරට යෑම ද දොළහෙන් කියැවෙති. නරක දේවල්වලට බල පවත්වන ස්ථානයයි. යමක් නොකීවාට වරදක් නැති බවත් කියා වැරදුණොත් බරපතළ වරදක් බවත් සිතේ තබාගත යුතුයි.

ජ්‍යොතිෂවේදී සිසිර කුමාරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment