Global Banking and Financial සම්මාන උළෙලේදී Retail Brand of the Year ලෙසින් සිංගර් සමාගම දෙවන වරටත් සම්මානයට

134

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards 11වෙනි උළෙලේදී, ශ‍්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.
 
 ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ වඩාත් අවධානයට පාත‍්‍ර වන මෙම සම්මාන උළෙලෙහි සිංගර් ශ‍්‍රී ලංකා සමාගම දෙවැනි වරටත් , Retail Brand of the Year ලෙසින් සම්මාන හිමි කර ගැනීම විශේෂත්වයකි.
 
 සිංගර් විසින් අඛණ්ඩව දෙවන වරටත් මෙම ගෞරවනීය සම්මානය හිමිකරගන්නේ, පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳ පොළ ප‍්‍රමුඛයා බවට නැවත නැවතත් සනාථ කරමිනි. දේශීය හා ගෝලීය සම්මාන උළෙලන්හි ජයග‍්‍රාහකයන් අතර සිංගර් නාමය නිරන්තරයෙන් රැව්දෙන අතර විවිධ පරාසයන්හි ජයග‍්‍රහණ රැසක් ද සිංගර් තමන් සතු කරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment