පෑලියගොඩ කඩ දීමේදී කිසිම අක්‍රමිකතාවක් වෙලා නෑ නාගරික සංවර්ධන අධිකාරිය

93

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කඩ ලබාදීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නැතැයි නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (දේපළ හා ඉඩම්) ඊ. ඒ. පී. ප්‍රියශාන්ත මහතා පවසයි.

කඩ ලබාදීමේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට යම් අයෙකුට හැඟී යනවා නම් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද ඔහු කීය. එසේ ලැබෙන අභියාචනා සලකා බැලීමට අධිකාරිය සූදානම් බවද ඔහු ඊයේ (26 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ඒ මහතා මෙසේද කීය.

කොළඹ මැනිං වෙළෙඳ පොළ තුළ කඩ 1259 ක් තුළ වෙළඳාම් කර ඇති බව හෙළි වුණා එයින් තොග වෙළඳාම් කරලා තිබුණේ 666 දෙනෙක්. අනික් අය සිල්ලර වෙළාඳාම් කරලා තිබුණා. පෑළියගොඩ මෙම වෙළෙඳපොළ ගෙනයන විට වෙළඳාම් කිරීම සඳහා කඩ 1288 ක් වෙළඳුන් වෙත ලබා දුන්නා. ඒ සියලු දෙනා කොළඹ වෙළඳාම් කළ අය.

කොළඹ තිබුණේ අක්කර 05 යි. පෑළියගොඩට ගෙන එන විට අක්කර 13 ක් විශාල වුණා. දැනට තවත් කඩ 315 ක් පමණ ඉතුරු වෙලා තියෙනවා. ඒ කඩ ඉල්ලලා විවිධ සංගම්වලින් ඉල්ලීම් ලැබුණා. මේ කඩ ගැන කෝප් එකෙනුත් විමසීම් කළා. කමිටුවක් මගින් තමයි තෝරා ගැනීම් සිදු කරන්නේ. ඒ අනුව කඩ වෙන්කිරීම් සිදුකරමින් පවතිනවා.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment