Daraz Fresh සමඟින් Grocery Shopping අත්දැකීම අලු‍ත් කරයි

64

ශ්‍රී ලංකාවේ දැවැන්තම Online විකුණුම් ජාලය වන Daraz පසුගියදා Daraz Fresh හඳුන්වාදී ඇත. දොරකඩටම පහසුවෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන Daraz Mart වෙතින් නැවුම් පළතුරු හා එළවළු පෙළක් මේ හරහා එක්කර තිබෙන්නේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල පරාසය තවත් පුළුල් කරමිනි.
Daraz Mart යනු, Daraz App එකේ තිබෙන ඊ – වෙළෙඳසැළකි. එදිනෙදා අත්‍යවශ්‍ය බඩුමුට්ටු වන කුළුබඩු, ධාන්‍ය වර්ග, යළි ආහාර, පාන වර්ග, රෙදි සෝදන ද්‍රව්‍ය, ලඳරු නිෂ්පාදන ඇතුළු විවිධ ඛාණ්ඩවල භාණ්ඩ වර්ග රැසක් Daraz Mart වෙතින් මිලදීගත හැකියි. Daraz Fresh යනු, Daraz Mart යටතේ ඇති භාණ්ඩ ප්‍රමාණය තවත් ප්‍රසාරණය කිරීමකි.

පාරිභෝගිකයන්ට කිසිදු බාධාවකින් තොරව එදිනෙදා සාප්පු සවාරි යාමේ අත්දැකීම මෙයින් පහසු කරයි.
Daraz Fresh එළිදැක්වීමේ උත්සවයේදි Darazහි ප්‍රධාන වාණිජ්‍ය නිලධාරි ඔෂාන් රණතුංග මහතා ‌මෙසේ අදහස් දැක්වීය. Daraz Fresh සමඟින් ශ්‍රී ලංකාවේ දැනටමත් වේගයෙන් දියුණු වෙමින් පවතින ඊ- වෙළෙඳසලක් වන Daraz Mart වෙත නව අංගයක් එක් කිරීමට අපට හැකි වුණා. දිනපතා අත්‍යවශ්‍ය බඩුමුට්ටු ලැයිස්තුවේ නොවදරවා තියෙන එළවළු, පළතුරු පාරිභෝගිකයන්ට තරගකාරී මිල ගණන් යටතේ එකම තැනකින් මිලදී ගැනීමට මෙයින් අවස්ථාව ලැබෙනවා. අපගේ පාරිභෝගිකයන්ට හොඳම වටිනාකම ලබාගැනීම සහතික කිරීම සඳහා අපි මෙම භාණ්ඩ පෙළ සඳහා අය කරන්නේ සාධාරණ ඩිලිවරි ගාස්තුවක් පමණි. පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සතිපතා අත්‍යවශ්‍ය බඩුමුට්ටු නියමිත වෙලාවට ලබාගැනීම වෙනුවෙන්, සියල්ල අප දොරකඩටම ප්‍රවාහනය කරනවා

advertistmentadvertistment
advertistmentadvertistment