අයි.එම්.එෆ්. සමාලෝචන ඇරැඹෙයි

53

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය ඊයේ (14දා) ආරම්භ වූ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙම සමාලෝචනය එම ණය මුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීමට ඉතා වැදගත් සංධිස්ථානයක් වන බව රාජ්‍ය ඇමැතිවරයා පවසයි. මෙම පළමු සමාලෝචනය සාර්ථකව නිමකිරීම ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය සඳහා ශක්තිමත් ස්ථානයක තබන බවත් ලබන වසරේ (2024) අපේක්‍ෂිත ආර්ථික වර්ධනය සඳහා යහපත් මාවතක් සකසනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment