කොටි හමක් සහ කසිප්පු සමග කොටුවූ සැකකරුට රු. 85000ක් දඩ

49

මරන ලද කොටියෙකුගේ අඩි 06ක් පමණ දිගින් යුත් හමක් සහ නීති විරෝධී හොර මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 20ක් හා කසිප්පු මිලිලීටර් 850ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු මීගස්වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අදාළ චෝදනාවලට වරද පිලිගනු ලැබූ විත්තිකරුට රුපියල් 85,000ක දඩයක් ගෙවන ලෙස හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය සිකුරාදා (15) නියෝග කළාය.

මෙසේ දඩ නියම වූයේ මීගස්වැව, විහාරගම අංක 160 ලිපිනයේ පදිංචි කොරොප්පු අප්පහාමිලාගේ දිල්ෂාන් සංදීප කුමාර යන අයටය.

මීගස්වැව පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චානක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි හබරණ ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරී ලක්මිණ අබේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මීගස්වැව පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් උප පොලිස් පරීක්‍ෂකවරන් වන රංජිත් සිසිර කුමාර, වීරසේකර, පොලිස් සැරයන්වරුන් වන (61468) නාමල්, (46391) පරාක්‍රම (66178) සම්පත්, පොලිස් රියැදුරු කොස්තාපල් (80599) මහේෂ් යන මහත්වරුන් විිසින් වැටලීම සිදුකර සැකකරු සමඟ නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.
කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment