දියවැඩියාව ක්‍ෂණිකව සුව කළ හැකිද?

397

සංකූලතා ලෙස ස්නායු පද්ධතියට බලපා ස්නායුවලට හානි සිදුවූ වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපා වකුගඩු වලට දැඩි ලෙස හානි සිදුවූ ඇස්වලට බලපා ඇස් පෙනීම දුර්වලවූ ආදී ලෙසින් දැක්විය හැකිය. මෙවැනි දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෙර ඔවුන්ගේ වර්තමානයේ පවතින දියවැඩියාව තත්ත්වය සහ සංකූලතාවල මට්ටම හඳුනාගත යුතුය.

දියවැඩියා රෝගය සම්බන්ධයෙන් වර්තමානයේ විවිධ ප්‍රතිකාර ක්‍රම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නට පටන් ගෙන ඇත. මෙම ප්‍රතිකාර කරනු ලබන වෛiවරුන් පවසන්නේ දියවැඩියාව ක්‍ෂණිකව සුවකළ හැකි බවය. මෙය දියවැඩියාව රෝගයෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට දිව ඔසුවක් බඳුය.

දියවැඩියාව ක්‍ෂණිකව සුවකළ හැකිද?

දියවැඩියා රෝගය සම්බන්ධව ප්‍රතිකාර කිරීමේදී එම පුද්ගලයාගේ රෝග තත්ත්වය පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කළ යුතුය.

දියවැඩියාව මුලින්ම හැදුණු අයෙක් කාලයක් තිස්සේ දියවැඩියාව රෝගයට ගොදුරුව සිටින නමුත් සංකූලතා නැති අය සහ දියවැඩියාව නිසා සංකූලතා මතුව ඇති පුද්ගලයින් ලෙස රෝගීන් ප්‍රධාන වශයෙන් වර්ග කළ හැකිය.

එහිදී සංකූලතා ලෙස ස්නායු පද්ධතියට බලපා ස්නායුවලට හානි සිදුවූ වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපා වකුගඩු වලට දැඩි ලෙස හානි සිදුවූ ඇස්වලට බලපා ඇස් පෙනීම දුර්වලවූ ආදී ලෙසින් දැක්විය හැකිය. මෙවැනි දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෙර ඔවුන්ගේ වර්තමානයේ පවතින දියවැඩියාව තත්ත්වය සහ සංකූලතාවල මට්ටම හඳුනාගත යුතුය.

ඒ අනුව සංකූලතා තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදී එය පාලනය කරමින් දියවැඩියා රෝගය පාලනය සඳහා ප්‍රතිකාර කළ යුතුය.

දියවැඩියාවේ වර්ග

දියවැඩියාව කාණ්ඩ I සහ කාණ්ඩ II ලෙස වර්ග කර ඇත. කාණ්ඩ I යනු උපතින්ම අග්නාසයේ ක්‍රියාකාරිත්වය දුර්වලවීම නිසා ඉන්සියුලින් නිපදවීම අවම වීම හෝ ඉන්සියුලින් නිපදවීම සිදු නොවීම නිසා දියවැඩියාව හට ගැනීමය.

දියවැඩියාව II වැනි කාණ්ඩය යනු වයසට යෑමත් සමඟ අග්න්‍යාසයේ ක්‍රියාකාරිත්වය දුර්වලවීම, අධික ස්ථුලභාවය නිසා අග්න්‍යාසයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇතිවීම, වැරැදි ආහාර සහ ජීවන රටාව ආදී හේතු නිසා අග්න්‍යාසය මගින් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණවත් නොවීම නිසා දියවැඩියාව මතුවීමය.

මෙවැනි හේතු හඳුනාගෙන දියවැඩියාව සඳහා ප්‍රතිකාර කළ යුතුය.

දියවැඩියාවට ප්‍රතිකාර

දියවැඩියාවට ප්‍රතිකාර කිරීමේදී ඊට බලපා ඇති හේතු හඳුනාගෙන ඒ අනුව ප්‍රතිකාර සිදු කරනු ලබයි.

උපතින්ම ඇතිවූ අග්න්‍යාසයේ දුර්වලතාවයකදී ඒ සඳහා බාහිරින් ඉන්සියුලින් ලබාදීම සහ කෘතිම අග්න්‍යාස බද්ධ කිරීම ආදී ප්‍රතිකාර මගින් දියවැඩියාව ඇතිවීම පාලය කළ හැකිය.

දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයේදී අධික ස්ථුලභාවය නිසා මතුවූ දියවැඩියාව සඳහා අමාශයේ සිදුකරන ලබන සැත්කම් මගින් (Bariatric Surgery) ස්ථුලතාවය පාලනය කර දියවැඩියා රෝගය යළි ආපස්සට (Diabetic remission) හැරවිය හැකිය.

ආහාර සහ ජීවන රටාවේ වැරදි පුරුදු නිසා දියවැඩියාව මතුව ඇත්නම් ඒ සඳහා ආහාර පාලනය සහ ව්‍යායාම ආදී ක්‍රම මගින් දියවැඩියාව පාලනය කළ හැකිය.

මෙවැනි පුද්ගලයින් කාලයක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් ලෙස හඳුන්වයි.

දියවැඩියා රෝගයට අලුතින් ගොදුරු වූවෝ

තරුණ වියේ පසුවන පුද්ගලයින්ගේ ආහාර රටාව සහ ජීවන රටාව අනුව ඔවුන්ගේ සිරුරේ බර වැඩිවී රුධිර සීනි මට්ටම ඉහළ ගොස් දියවැඩියා රෝගයට ගොදුරු වෙති. මෙලෙස දියවැඩියාවට ගොදුරුවී දිගු කාලයක් නොමැති වූවන්ට ඔවුන්ගේ ජීවන රටාව නිවැරැදි ආකාරයට පවත්වාගෙන යෑමට හුරුකිරීමෙන් සහ සිරුරේ බර සියයට 10 කින් (10%) පමණ අඩුකිරීමෙන් ඉන්සියුලින් ප්‍රතිකාරවලින් තොරව දියවැඩියාව යළි ආපසු හැරවිය හැකිය.

මෙලෙස නිවැරැදි විමර්ශනයකින් යුතුව දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරීම මගින් දියවැඩියාව ආපස්සට හැරවීම හෝ පාලනය කිරීම කළ හැකිය. එසේ නොමැතිව ප්‍රතිකාර කිරීම මගින් දියවැඩියාව උග්‍රවී විවිධ සංකූලතා වලට ගොදුරු විය හැකිය.

එසේම I වැනි කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත් ඔවුන්ගේ රුධිරයෙහි සීනි මට්ටම අඩුවී කෝමා තත්ත්වයට පත්විය හැකිය.

දියවැඩියාව ක්‍ෂණිකව සුව කළ හැකිද?

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය කොළඹ වෛද්‍ය පීඨයේ
මහාචාර්ය විද්‍යා ජෝති ප්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment