පොල් කෝටි 20ක් රිලවුන් කාලා

190

පොල් ත්‍රිකෝණය තුළ පසුගිය වසරේදී (2022) පමණක් පොල් ගෙඩි කෝටි 20ක් රිළවුන් විසින් විනාශ කර දමා ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ.

එසේම මෙම වසරේ (2023) පළමු කාර්තුවේ දී වනසතුන් විසින් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇතැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි. මෙම වගා හානි අතරින් වැඩිම වගා හානියක් සිදු කර තිබෙන්නේ රිළවුන් විසින් බව පෙනී ගොස් ඇත. වගා හානි සිදු කරන අනෙකුත් සතුන් අතර පිළිවෙළින් වල් ඌරා, මොණරා, දඬුලේනා, ඉත්තෑවා හා වඳුරා ද වෙති.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් මෙම වසරේ වනසතුන්ගෙන් සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කළ දැනුම් දීමක් අනුව මෙම වාර්තාව ලබාදී ඇත. වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරනු ලැබීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment