නව දියකාවෝ හඳුනා ගැනෙති

353

නව දියකාවන් (ජලජ පක්‍ෂි) ගණයක් හඳුනාගෙන නම් කරන්නට ශ්‍රී ලංකානු පක්‍ෂි විද්‍යාඥයන් ඇතුළු පක්‍ෂි විද්‍යා කණ්ඩායමක් සමත්ව සිටිති.

මෙම නව ගණනය Afrocarbo ලෙස නම් කර ඇති අතර මෙම නාමකරණය නීති අනුව සිදුකර Zoological Journal of the Linnean Socicty නම් ජර්නලය මගින් පසුගියදා 30 දා එළිදක්වා ඇත. නව පක්‍ෂි ගණය නම් කිරීම සඳහා කටයුතු කළ පර්යේෂණ කණ්ඩායමට කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් සෙනවිරත්න, දිලින රත්නායක, මාර්ටින් කෙනඩි, ඇලෙක්සැන්ඩර් සාලිස්, ලීසා නුපෙන්, පීටර් රයන්, ස්ටෙෆානෝ වොල්පෝනි, පැස්කේල් දූවේ, නිකොලස් රෝලන්ස්, හමිස් ස්පෙන්සර් යන දෙස් විදෙස් පක්‍ෂිවේදීහු ඇතුළත් වෙති. මෙම Afrocarbo දියකාවුන්ගේ නව ගණයේ පක්‍ෂි විශේෂ දෙකක් වාර්තා වන අතර මෙම දියකාවුන් අප්‍රිකානු කලාපය නිජබිම කරගෙන ජීවත් වන බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment